Home Articles Travel ලොව හොඳම ඔක්සිජන් හොයාගෙන ඇල්ලට යමු

ලොව හොඳම ඔක්සිජන් හොයාගෙන ඇල්ලට යමු

104
1

ශ්‍රී ලංකාව සොබා සෞන්දර්යයෙන් අනූන රටක් නිසාම සංචාරක නැවතුම්පළක් ද වෙනවා.රටේ මොන ප්‍රදේශයකට ගියත් ඒ ප්‍රදේශවලට ආවේණික සුන්දර පරිසරය දැකබලා ගන්න පුලුවන්..අපේ රටේ උඩරට කඳුකරයේ තිබෙන ඉතාම ලස්සන සංචාරක ප්‍රදේශකයක් වෙන ඇල්ල නගරය ගැන මෙහි දී විස්තර කෙරෙනවා.
ඇල්ල නගරය ශ්‍රී ලංකාවේ ජීවත් වන අපිටත් වඩා හොඳින්ම දන්නෙ විදේශිකයෝ.ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඇල්ල නගරය විදේශික සංචාරකයෝ ශ්‍රී ලංකාවේ සංචාරයකට ආවොත් නොබලා නොයන තැනක් විදිහට හඳුන්වන්නත් පුලුවන්..ඒ තරම්ම ඇල්ල නගරය ඉතාම සුන්දරයි.දේශිය විදේශිය සියල්ලෝම ඇල්ල නගරයේ ලෝකේ පිරිසිඳුම හුස්ම රැඳිලා තියෙනවා කියලත් විශ්වාස කරනවා.
කොළඹ නගරයේ ඉදලා කිලෝ මීටර 200කටත් වඩා දුරින් තිබුණත් ඇල්ල නගරයට යන ගමන් මාර්ගයත් ඉතාම සුන්දර අත්දැකීමක්.කඳු පල්ලම් අතරින් දුම්රියෙන් ඇල්ල දක්වාම ගමන් කරන්න පුලුවන්නම් ඇල්ල නගරයේ සංචාරය කරනවා වගේම සුන්දර පරිසරයක් බලාගන්න පුලුවන්.
ඇල්ල නගරයට යන ඔබට නැරඹිය හැකි ස්ථාන රාශියක් අතරින් අමතක නොකර මේ ස්ථානවලටත් යා යුතුමයි.

පුංචි සිරිපාදය (Little Adam’s peak)

ඇල්ල නගරයේ පිහිටි ඉතාම ලස්සන කන්දක් වෙන මෙම කන්ද පුංචි සිරිපාදය කියලා හඳුන්වනවා.ඇල්ල හන්දියේ ඉදලා නමුණුකුල පාර 1km යනකොට පුංචි සිරිපාදයට යන පාර හමු වෙනවා. කඳු මුදුනටම ගියාම ඔබට හිතා ගන්න බැරිවේවි මේ තරම් ලස්සන පරිසරයක් කොහොමද ඇති වුණේ කියලා.ඒ තරම්ම ඒ සොබාව සෞන්දර්යය ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන්. මෙතනදි ඉර සේවයත් ඉතාම හොඳින් දැක බලා ගන්න පුලුවන් වගේම ඈතින් රාවණා ඇල්ලත් ලස්සනට පේනවා.

ඇල්ල කන්ද (Ella Rock)

ඉතාම සුන්දර කඳු පන්තියක් වන මේ කඳු වැටිය කඳු කිහිපයකින් සමන්විතයි.කුඩා පාරකින් ගමන් කරලා කඳු මුදුනට ගියාම ඔබ අනිවාර්යයෙන් පුදුම වේවි.ඒ තරම්ම ලස්සන පින්තූරයක් වගේ දර්ශනයක් බලාගන්න පුලුවන්.ඇල්ල කන්දට යන්න පුලුවන් පාරවල් කිහිපයක් අතරින් කිතල් ඇල්ල දුම්රිය ස්ථානයට පහළින් ඇල්ල කන්දට යන පාර ගොඩක් ආරක්ෂිතයි. කඳු නැඟීමට කැමති සංචාරකයෝ විශාල වශයෙන් ඇල්ල කන්ද ඉතාම කැමැත්තෙන් තරණය කරනවා. කඳු නැගීමට එතරම් කැමැත්තක් නැති වුණත් අනිවාර්යයෙන් ම මේ කන්ද නඟින්න.මොකද කන්ද මුදුන දැක්කම ඔබේ මහන්සිය නැති වෙනවා නොඅනුමානයි. ඒ වගේම සංචාරකයන්ට ෆොටෝ ගන්නම වගේ ස්වාභාවික නිර්මාණය වුණ ස්ථානත් මේ කන්ද මුදුනේ තැනින් තැන පිහිටලා තියෙනවා.

රාවණා ඇල්ල (Ravana Falls)

ඇල්ල නගරයේ සංචාරය කරන අයෙක් රාවණා ඇල්ල නොබලා යනවා ඉතාම අඩුයි. රාමා සීතා කතා පුවතේ දී රාවණා ඇල්ල කඳු මුදුනෙහි ඇති ගුහාව තුළ සීතා කුමරියව සඟවා තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා.
ඓතිහාසික කතා පුවතක් සමඟද සම්බන්ධ වන නිසා ඒ පිළිබදව පොතපතින් මෙන්ම සැබෑවටම දැක බලා ගන්න පුලුවන් වීම ඔබට ඉතාම වටිනා අත්දැකීමක් වෙයි.ජෛව විවිධත්වය අතින්ද ඉතාම සුන්දර පරිසරයක් රාවණා ඇල්ල අවට පිහිටා තිබෙනවා.

දෙමෝදර ආරක්කු නවයේ පාලම (Nine Arch Brige)

ඇල්ල නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් ඇල්ල නගරයට යන හෝ එන අතරතුර දෙමෝදර ආරුක්කු නවය පාලම ළඟ පොඩි වෙලාවක් නතර වෙන්න.මේ ආරක්කු නවයේ පාලම ගොඩාක් සංචාරක ආකර්ශණය දිනා ගත්තේ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරපු නිසාමයි.මේ පාලමේ ආරක්කු නවයක් තියෙන නිසා ආරක්කු නවයේ පාලම විදිහට හඳුන්වනවා.මේ ස්ථානයට ගියොත් අනිවාර්යයෙන් ආරක්කු නවය ලස්සනට පේන විදිහට ෆොටෝ එකක් ගන්නත් අමතක කරන්න එපා.

දෝවෙ රජ මහා විහාරය (Dova Temple)

දෝව පෞරාණික රජ මහා විහාරය බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටා තිබෙනවා. ඇල්ල නගරයේ සංචාරය කරන අතරතුර ඔබට ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් දැකබලා ගන්නත් පුලුවන්. සංචාරක ස්ථානයක් ලෙස හඳුනාගත්‍තද මෙම ස්ථානය ඓතිහාසික සහ ආගමික ස්ථානයක් වෙන නිසාම විනෝද වීමට යොදා නොගත යුතුයි.

ඔබ මේ ස්ථානවල සංචාරය කරනවා නම් ඔබ රැගෙන යන සියලු දේවල් නැවතත් අරන් එන්න.ඔබ ලබාගත් සතුට පමණක් රැගෙන එන්න.


සටහන – රශ්මි මහේෂා ප්‍රනාන්දු

1 COMMENT

  1. පහසුවෙන් තේරුම් ගත හැකි වටිනාකමින් යුතු සටහනක් ! ❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here