Home Articles Travel කළුගඟ වටේ හොඳම තැන් බලන්න යමු..

කළුගඟ වටේ හොඳම තැන් බලන්න යමු..

67
0

බස්නාහිර පළාත අනෙක් පළාත් එක්ක සසඳලා බලනකොට සංචාරය කරන්න ස්වාභාවික පිහිටීම් තියෙන පළාතක් නෙවෙයි.ලංකාවේ කාර්‍යබහුලම නගරය වන කොළඹ දිස්ත්‍රික්කය වගේම ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක බස්නාහිර පළාතට අයත් වෙනවා.මේ දිස්ත්‍රික්ක ත්‍රිත්ත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයට එන කෙනෙක්ට දැකබලා ගන්න පුලුවන් විශේෂ ස්ථාන කිහිපයක්ම තියෙනවා.

කාලතිත්ථ, කළුතොට වශයෙන් හඳුන්වපු මේ නගරය පසුකාලීනව කළුතර විදිහට ජනවහරට එකතු වෙලා කියලා විශ්වාස කරනවා.ඒ වගේම ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා කළු ගඟ ගලා බසින්නෙත් කළුතර නගරය හරහායි.මේ නගරයට කළුතර විදිහට හඳුන්වන්නත් කළු ගඟ හේතුවක් වෙලා තියෙනවා. කළුතර උතුර සහ කළුතර දකුණ වශයෙන් කළුතර නගරය කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නෙ මේ නඟරය තරමක් ජනාකීර්ණ නගරයක් වන නිසාමයි. එසේම කළුතර නඟරය ඓතිහාසික වටිනාකම් රාශියක්ද තිබෙන නගරයක් වේ.

කළුතර බෝධිය

කළුතර කියපු සැණින්ම ඕනම කෙනෙක්ට මතකෙට නැඟෙන්නෙ කළුතර බෝධියයි.අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධී වෘක්ෂයන්ගෙන් එකක් ලෙස විශ්වාස කෙරෙන කළුතර බෝධීන් වහන්සේ ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ වන්දනාවට ලක් වෙනවා. ඒ වගේම ඈතට පේනෙන කළුතර චෛත්‍යය රාජයාණන් කළුතර නගරයට මහත් ගෞරවයක් වේ.මේ චෛත්‍යය රාජයාණන්ගේ කුහරය තුළට ගිහින් නිදහසේ වන්දනා මාන කරන්නත් හැකියාව තිබෙනවා.අතීතයේ දී විවිධ සංදේශ වර්ණනාවලද කළුතර බෝධිය පිළිබඳව ඉතාම අලංකාර ලෙස වර්ණනා කරමින් කළුතර අගය පෙන්වනවා.




රිච්මන්ඩ් කාසල් මැදුර

දකුණු කළුතර නගරයේ ඉදලා 3km විතර දුරක තිබෙන පලාතොට- කෙත්හේන ගම්මානයේ මෙම මන්දීරය පිහිටලා තියෙනවා. මේ මැදුර 1910 වර්ෂයේ දී කළුතර දිසාව බාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා විසින් නිර්මාණය කළ බවටයි සඳහන් වෙන්නෙ. ඉන්දියාවේ සංචාරය කරන අතරතුර දී එහි ජීවත් වූ මහරාජා කෙනෙකුගේ මන්දිරයක් දැකීමෙන් පසුව තමන්ට එවැනි මන්දීරයක් ඉදි කර ගැනීමේ ආශාව ඵල දැරීමක් ලෙස මෙම රිච්මන්ඩ් කාසල් මැදුර ඉදි වෙලා තියෙනවා.ඉතාම පැරණි මන්දීරයක් වුවද එහි තේජස් පෙනුමේ කිසිඳු අඩුවක් නැති බවට එය දැකබලා ගන්න යන ඔබටත් හොඳින් පෙනේවි.



කළුතර සිරි කුරුස දේවස්ථානය

කළුතර නගරය තුළ විවිධාකාරයේ ගෘහ නිර්මාණ ශිල්පය උසස් අන්දමින් පැවති බවට උදාහරණයක් ලෙස මෙම දේවස්ථානය පෙන්වා දෙන්න පුලුවන්. මෙම දේවස්ථානය දැකබලාගන්න යන ඕනම කෙනෙක්ට ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ සළකුණු මේ දේවස්ථානය පුරාම හොඳින් දැකබලා ගන්න පුලුවන්.

පාහියන්ගල ලෙන

ආසියාවේ පැරණිතම ජනාවාසයක් ලෙස සැළකෙන පාහියන්ගල ලෙන හඳුන්වනු ලබයි.ආදි මානවයා ජීවත් වූ බවට විශ්වාස කෙරෙන නටඹුන් මූලාශ්‍ර රාශියක් මෙම දැවැන්ත ගල් ගුහාව සහ ඒ අවටි සොයා ගැනීමට හැකි වී තිබෙනවා.එම නිසාම මෙම ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්ත වේ.ඉතිහාසය පොතපතෙහි සඳහන් පාහියන්ගල ලෙන හැබැහින් දැක ගැනීමට ලොකු කුඩා කවුරුත් කැමති වේවි.කළුතර දිස්ත්‍රික්කයට යන ඔබ එම වටිනා අවස්ථාව මඟ හැර ගන්න එපා.

මීට අමතරව සුන්දර වෙරළ තීරයක්ද කළුතර දිස්ත්‍රික්කය තවත් ලස්සන කරනවා.

ගොඩක් දවස් ප්ලෑන් නොකර සති අන්තයේ දවසක ගිහින් වටිනා ස්ථාන දැකබලාගෙන අත්දැකීම් රාශියක් ලබාගන්න නම් කළුතරට යන්න.

සටහන – රශ්මි මහේෂා ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here