Home Novels “නෙතු” මානයෙන් එහා ආදරය – 1 කොටස

“නෙතු” මානයෙන් එහා ආදරය – 1 කොටස

236
0

“නෙතු “මානයෙන් එහා ආදරය
…….. සිමා මායිම් වලට එහා…….

පලමු කොටස

……………………………….

කොහොමද …ඔයාට
හොඳයි …
ඔයාගේ ඇස් දෙක ලස්සනයි..
තැන්ස්…
මොනවද ඔච්චරටම කල්පනව..
මුකුත් නෑ …

අපි කට්ටියම තංගල්ලට කිට්ටුව තිබුනු පරෙයිවැල්ල වෙරළ තිරයට ලං වෙලා තිබ්බෙ ඒ වෙනකොටත් ..
කවුද ඉන්නෙ නාන්නෙ නැති අය…. අදවත්.

ඇය මං දිහා බලලා හිනා වුනා..

අපි යං නාන්න… බන්
යං.. යං…
යමල්ලා… යමල්ලා..
යමු බන්
හා…හා… යං..
ආ…. ඔය එන්නෙ එක එක්කෙනා…
ම්ම්ම්…
ඔයත් එන්නකො…
අනේ මට බෑ..
හා.කෝ…
කො බං අර ටයර් ටියුබ් එක මෙහාට ගනිං

අඩෝ ඒක මගේ මං රුපියල් 100 දීලා ගත්තේ…. තව 50ක් දෙන්නත් තියනවා…

හරි හරි බං දිපංකෝ..

අඩෝ අපෙත් 4to ත් ගනිංකෝ….

හරි හරි හිටපන් එහෙනම්..

නිරාශාත් හිමින් සැරේ වතුරට අවා…

වතුර ගහන්න එපා හොදේ .

අඩෝ නාන්නේ නෑ කියපු අය මෙන්න වතුරේ..

මට පීනන්න බෑ…

එන්නකො… මං එක්කං යන්නම්…

මට බයයි.

බය වෙන්න එපා…

කො… එන්න…

ම්ම්…

නොදැනිම ඉරත් බැහැලා…. කලුවර වැටෙන්නත් ලං වෙලා….

නිරාශාත් ගොඩට ගියා…. අනිත් ගැනු ලමයි එක්කම..
අපිත් ගියා එයාලා ගිහින් පැයකට පස්සෙ…

(නිරාශා තමයි පංතියේ හිටපු අහිංසක ම කෙල්ල ඒ වගේම ඒවගේම ඒ .. ඇස් … අම්මෝ… දැක්කම වශී වෙනවා ලස්සනයි ඒ තරම්…. ම… හරියට දුඹුරු පාට කාච දෙකක් දා… ලා වගේ … ස්වාභාවික ඇස් දෙකක් කියලා කියන්න බැරි තරම්.. )

අපිත් ඇදුම මාරු කරලා… තේ එකක් බිලා කරල්ලා බස් එකට නැග්ගා. යන ගමන් අපි ඔක්කොම සින්දු කිය.. කියා…ගියා ….. කට්ටිය යන ගමන් පංතියේ ඉන්න යාලුගේ ගෙදරක ගිහින් අයේ පාරක් රස තේ එකක රස වින්දා.
එහෙන් අවේ රැ 9.00 විතර… අපි අයෙත් බස් එකට නැගලා නිවස් බලා එන්න ලැස්ති උනා..

නිරාශාත් මහරගමින් බැස්සෙ ගෙදර යන්න.. අක්කත් එක්ක… වෙලාවෙ තාත්තාත් අඇවිත් හිටියා
යනවා…බායි…. යනවා.බායි …. යනවා බායි …
කට්ටියටම …
පරිස්සමෙන් යන්න බුදු සරනයි..

දින 2පසු..

මුහුණු පොතේන්,

ඉතිං …
ම්ම්..
කොහොමද ඔයාට ….
හොඳයි ..
දැන් මාව මතකත් නෑනේ…
අනේ නෑ..
එහෙනම් කතා නෙත්තේ…

එහෙම නෑ….. මට ඔයත් එක්ක මං මොනා කතා කරන්නද ?
ම්ම්… ම්ම්….හරි …හරි … මොකද කරන්නෙ..
මුකුත් නෑ….
4to එක ලස්සනයි ද?
ම්ම්ම්… හරි හරි කමක් නෑ…
Fb account
මං කැමති … ඔයා මොකද කියන්නෙ
හෙලෝ….
කතා කරන්නකෝ
Gd.m….
කෝ ඔයා…
ඇයි කතා නැත්නේ….
කතා කරන්නකො…
මතු සම්බන්ධයි..
රචනය :- නේෂර මදුෂාන් පෙරේරා

       මිලග මොහොතේ කුමක් වෙයිද? කියවලා comment කරලා like එකක් දාන්න. හොදේ ....

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here