මලයාලම් සිනමාව තරම් මිනිස්සුන්ගෙ ජීවිතේ ඇත්තම සිදුවීම් ලස්සනට රූපවලට එකතු කරලා ආයෙමත් මිනිස්සුන්ටම පෙන්වන වෙන කිසිම සිනමා කලාවක් නැතුව ඇති…මලයාලම් කියන්නෙ තවත් නිර්මාණෙක කොපියක් නෙමේ..ඒත් ඒක ලෝකෙ කොහේහරි ඇත්තට සිදුවෙන හැමදාටම වලංගු වෙන සිදුවීමක්…මිත්‍යාවක් හෝ මේක මෙහෙම වෙන්න බෑනෙ..ඒක ෆිල්ම් එකක්නෙ කියලා අහක දාන්න හිතෙන්නෙ නැති තරම් ඇත්තම කතාවක්…

කාලෙන් කාලෙට බලන හැම ෆිල්ම් එකක්ම අවසානෙ හිතනවා මේක තමයි මම බලපු හොඳම මලයාලම් ෆිල්ම් එක කියලා..ඒත් එහෙම හිතෙන්නෙ තවත් මලයාලම් ෆිල්ම් එකක් බලනකම් විතරයි…Home බැලුවට පස්සෙ එහෙම නොවී තියෙයිද කියලා මට හිතෙනවා…

Home ෆිල්ම් එකේ පොඩි කොටසක හරි මේ ලෝකේ හැමෝම ජීවමානයි…ෆිල්ම් එක බලාගෙන යනකොට මාත් එහෙම කරලා තියෙනවනෙ කියලා කොහෙදි හරි හිතෙයි…හරිම සරලව හිතුවට ෆිල්ම් එකේ පටන්ගැන්මේ ඉදලා අවසානෙ වෙනකම්ම තියෙන්නෙ ඉගෙන ගන්න දෙයක්..කෙනෙක්ට ආයෙ එහෙම නොකර ඉන්න ඕන කියලා හිතෙන්නත් පුලුවන්..ගෙදර තමන්ගෙ පවුල ඇතුළෙ වෙන්න පුලුවන්..ඇත්තටම වෙන සිදුවීම් ගොඩක එකතුවක් එකම තැනකට ගෙනත් පොඩි කාලයක් ඇතුළත මිනිස්සුන්ට කනේ පහරවල් ටිකක් දීගෙන ගියා වගේ වැඩක් Home ෆිල්ම් එකෙන් කළා..

අපේ ගෙදර තමයි අපි නිදහසේම ඉන්න තැන..ෆිල්ම් එකේ දි කියනවා වගේම අපේ ඇත්තම චරිතේ එළියට දාන තැන..ගෙදර ඉන්න අය අපේ ඇත්තම චරිතෙ දැක්කා කියලා කවදාවත් අපිව ප්‍රතික්ෂේප වෙන්නෙ නෑ..අපි කරන නරක දේකදි අපිව නිවැරදි කරනවා..ලෝකේ හැමතැනම ගිහින් ගෙදරට අඩිය තියන තැන ඉදලා අපි නිදහස්..කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගෙදරින් එළියට ගියාම නිදහස් කියලා..ඒක ඇත්තටම හිතුවොත් එහෙම නෑ..ඒකයි ගෙදර වගේම අපිට සමීප තැනකට, අපිට අපිම වෙන්න පුලුවන් තැනකට එතැන අපිට ගෙදර වගේ..අපි ගෙදර වගේ එහෙ හිටියෙ කියන්නෙ..ඒ වචනේ ඕනම කෙනෙක් කියලා ඇති..ඒ කියන්නෙ අපි නොදැනුවත්වම හරි දන්නවා ගෙදර තමයි අපි නිදහස් කියලා..

පවුලක දරුවො වයසින් වැඩි වෙනකොට ලෝකෙ එක්ක ගනුදෙනු කරනකොට ගෙදර ඉන්න අම්මයි තාත්තයි මොනවද දන්නෙ හිතනවා..තාක්ෂණේ එක්ක ගැටෙනකොට හැමදේම දන්නවා කියලා හිතනවා.අපි අපේ වැඩ එක්ක,ෆෝන් එක එක්ක බිසී වෙනකොට අපේ පවුල මඟඇරෙනවා..ඒත් දරුවො නොදන්නවා උනාට දෙමව්පියන්ට හැමදාම දරුවො පොඩියි..දරුවො එයාලා වෙනුවෙන් පොඩි කාලයක් හරි වැය කරයි කියන දේ වෙනුවෙන් එයාලා බලන් ඉන්නවා..කිසිම විදිහට නොහිතා කරන පොඩිම පොඩි දේකින් අම්මයි තාත්තයි සතුටු වෙනවා..ඒක කිසිම කෙනෙක් ගණන්වත් ගන්නැති යවන කෙනාවත් දශමයක්වත් නොහිතා යවන පොඩි ඉමෝජියක් වෙන්නත් පුලුවන්….

දෙමව්පියන්ට නැති උනත් දරුවන්ට අලුත් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න අලුත් තාක්ෂණේ එක්ක ගැටෙන්න ඉඩ දෙනවා..දරුවො ඒ දේවල් පරිහරණය කරන්න ඉගෙන ගන්නවා.ඉක්මනට හුරු වෙනවා..ඒත් ඒ තාක්ෂණේ එක්ක කිසිම විදිහකින් නොගැටුණු අම්මයි තාත්තයි ඒ ගැන තියෙන ඉතාම සරල දෙයක්වත් නොදැන ඉන්න එක ඒතරම් පුදුමයක් නෙමෙයි..ඒත් තාක්ෂණේ එක්ක ගැටිලා අලුත් අලුත් දේවල් හොයාගන්න දරුවන්ට අම්මා තාත්තා අහන ඉතාම සරල ප්‍රශ්නෙ ලොකු පුදුමයක් වෙන්න පුලුවන්..අයියෝ අම්මේ ඕක පොඩි ෆෝන් එකක්..ඕකෙන්වත් කෝල් එක ගන්න ඕන අංකෙ හොයා ගන්න බැරිද..?අයියෝ තාත්තා ඔයාට ඕක පාවිච්චි කරන්න බැරිවෙයි ඕකෙ වැඩ ගොඩක් තියෙනවා..ඔයාට අමාරු වෙයි..ඔයාට තේරෙන්නෙ නෑ ඒවා..

ඔය වගේ කතා ඕන තරම් අපෙන් කියවෙන්න පුලුවන්…
අපේ දෙමව්පියෝ තාක්ෂණේ එක්ක ගැටුණ අය නෙමෙයි..කවදාහරි මේ තියෙන දේවල් දියුණු වෙලා අපේ කාලේ ඔහොම නෙමෙයි කියන්න අපිටත් දවසක් එන්න පුලුවන්..අපිට හැමදේම දීලා එයාලා පුලුවන් විදිහට තාක්ෂණේ එක්ක ගැටෙන්න උත්සාහයක් දරනකොට ඒකට පුලුවන් තරම් උදව් කරන්න..එකම දේ ගොඩක් අහන්න පුලුවන්..ඒ වගේ පොඩි දේකදි අපිටත් ඉවසන්න පුලුවන්..මොකද අපේ දෙමව්පියෝ අපිව හැමදාම ඉවසනවා.

තව දෙයක්…දරුවො ගෙදරින් මිදිලා සමාජෙත් එක්ක ගනුදෙනු කරනකොට,අලුත් සම්බන්ධකම් පටන් ගන්නකොට,සමහර වෙලාවට ඒ අලුත් සම්බන්ධකම් එක්ක දෙමව්පියෝ ගැළපීමක් නෑ, ගළපගන්න අමාරු වෙයි කියලා හිතෙන්න පුලුවන්…අලුත් යාලුවන්ගෙ නැත්තම් ආදරේ කරන කෙනාගෙ දෙමව්පියෝ එක්ක අපේ දෙමව්පියෝ සසඳන්න පුලුවන්..ඒත් ගෙදර ඉන්නෙ අපිට මොනදේ උනත් අපිව ආදරෙන් පිළිගන්න, අපිව ලෝකෙට එක්ක ගිය, අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පාර හදලා දුන්න මුල්ම දෙන්නා..ඒ තමයි අපේ දෙමව්පියො..කොහෙදි කොහොම තත්ත්වෙක උනත් අපේ දෙමව්පියෝ පිළිගන්න අපිට පුලුවන් වෙන්න ඕන…මේ වගේ අපි වැඩිපුර හිතන්නෙ නැති ඒත් අපේ දෙමව්පියෝ ලොකුවටම හිතන ගොඩක් දේවල් ගැන Home ෆිල්ම් එකේදි එකින් එක පෙන්නලා දෙනවා…

ඉක්මනින් බලන්න..නැත්තම් මඟ ඇරෙන්න පුලුවන්..
#Home (2021)Story


Written & Directed by
Rojin Thomas

Produced by
Vijay Babu

Starring
Indrans
Sreenath Bhasi
Srikant Murali
Manju Pillai
Johny Antony
Naslen K Gafoor

Cinematography
Neil D’Cunha

Music by Rahul Subramanian
Country – India
Language – Malayalam

සටහන – රශ්මි මහේෂා ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here