එදා මාව තුරුල් කරන් ඔබෙ තුරුලේ…
සිටියා මතකද අපි දෙදෙනා උඩු මහලේ…
සැමවිට සිනහවෙන් සිත් පුරවමිනේ…
ඒ සිනහව කවදද මා දැකගන්නෙ…

සැම දිනයක උදයත් වේගෙන් එනවා…
ඒ වෙගෙන් දහවලත් දුව යනවා…
නිදි නැති රැයේ සිත කදුලෙන් පිරවෙනවා…
ඔබ කොයි දැයි මට නිතරම සිහි වෙනවා…

සිටියා සතුටින් අපි සිව්දෙන අපෙ කැදැලෙ…
රැගෙන ගියෙ ඇයි ඔබවම කියනු මැනෙ..
බහ තෝරන වයසෙදි මට නොදැන වුයෙ..
ඔබ යන්නෙ නොඑන්නමයි යැයි ගමනෙ…

ඔබගෙ සුවද දස අත පැතිරී යාවී…
එනමුදු ඔබ නැවතත් අප අතරට නොඒවි…
පවසන්නට දාහක් සිත තුල නලියද්දී…
කොහොමද පවසන්නේ මගෙ සුදු අප්පච්චී…

ඔබ ලොවෙ කොතැනක මෙ මොහොතෙ…
බලා සිටියත් ම දෙස නිහඩ ලෙසෙ…
ඔබ වැනි රජෙකු මතුනම් පෙර
නොදැක ඇතෙ..
නිවන් දැක මතු බුදු වේවා මගෙ අප්පච්චී……🙏🥺

                                                     ~  මධූ  ~

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here