අපේ කාමරේ ට වැටුනා අභිමානවත් දකුනු පුරවරේ කෙල්ලක්🥱😎 කාඩ් එක නම් ඇබුලි😁…පොඩ්ඩ ගෑවෙන්න බෑ ඌරු ජුවල්😟🤪…හැබැයි ඉතිම් හිත හොද කෙල්ල😉😘…ඒකිගෙ බාසාව තමා බාසාව🤣😆”එන්ට,යන්ට,කන්ට,බොන්ට,මක්කෙයි දොඩන්නෙ,ඉන්ට,යන්න ඇහැකිද….”😁😆😆😆කාමරේ ඉන්න අනික් උන් ඒකිව ආතල් එකටත් එක්ක අවුස්සල තියනව පොඩ්ඩක් …කාමරේ ජාතික ආතල් සපයන්නිය😚😎..ආයි ඉතිම් වරුවක් ම හුස්ම හිරවෙන්න ම හිනා වෙතෑකි😆😆😆…

අනික් එකී නම් ගෙදර ඉදන් එනව කිව්ව ට එන්නෙ සැලුන් එකක ඉදන් ද කොහෙද 😇😒..මූනට ක්‍රීම් ,අත්වලට ක්‍රීම් ලු ඇස් වලට මේකලු..කොන්ඩෙට මේකලු..නෑවට පස්සෙ මේකලු..අවුව ට යද්දි අනිකලු…🥲🥲මන් හිතන්නෙ කිලෝ පහක හයක බියුටි කචල් බඩු💄💄💄..අපරාදෙ කියන්න බෑ මට තියෙන්නෙ කෝකටත් තයිලෙ බේබි ක්‍රීම් තමා 🥲🥲🥲🥲…හැබැයි ඉතිම් ඔය ඔක්කොම සැලුං කෝස් හොස්ටල් එක ඇතුලෙදි විතර යි …අපි සෙනසුරාදා දිහාවට වගේ එකියක්ව අල්ලන් මනාලියන් හැඩගැන්වීම එහෙම පුරුදු වෙනව..🤣🤣ඒවගේ වීඩියෝ දකිද්දී නම් ආතල් අම්බෝ🤩🤩🤩…

හැමවෙලාවෙම YouTube ,Facebook වල ,motivation වීඩියෝ බලන ,පැය 24 ම ඩයට් ප්ලෑන් හදන..දෙයියනේ කියල කොහෙන් කැපුවත් කිලෝ එකක් වෙන කෙල්ලෙක් අපේ කාමරෙත් හෑව්..😚🤪😍…අනේ මන් ද් බඩක් නෙවෙයි මෝය කටක් ද කොහෙද තියෙන්නෙ 😒😒😂..ඒත් අපරාදෙ කියන්න බෑ සමහර දාට දාඩිය පෙරාගෙන ,හති දාගෙන කරන exercise කිරිල්ලට හිතෙනවා මේකි miss figure වෙයිද කියල ත්🥲🙂😌….කන්නෙත් නෑ සමහර වෙලාවට 🥺🤭..කියන්න සංතෝසයි ඔය වැඩේ උපරිම දවසයි දෙකයි.
😏මෙන්න ඊටපස්සෙ නොකාපුවටත් එක්ක බාරයක් ඔප්පු කරන්න වගේ ගිලිනව😂🤦‍♀️ ..මිස් චබී….මේ අවුරුදු හතරෙ ස්ලිම් කියන්නෙ ඔයාට අකුරු තුනක් විතරයි ඩාලිං..🥲😌😎🤪🤪🤪….

කාමරේ කුස්සි අම්මා- මන් තමා ..අනික් උන් හදන තේ රස මට අල්ලන් නෑ 😟🙄..ඒ හින්දා තේ හදන්න,නූඩ්ල්ස් හදන්න විතරක් නෙවෙයි හෙම්බිරිස්සාව ට සමහන් එක පවා හදන්නෙත් මන් ..😁😊..මහා පාන්ද‍රටත් “අනේ කල්කි යෝ ,බඩගිනී කෙල්ලෙ..නූඩ්ල්ස් හදල දෙනවද කියද්දි 😟😩හයියෝ මගෙ බඩ පපුව දාල යනව 🥺🥺😭😭”

සැ.යු=තේ බොන්න ඕන්නං ,කෝප්ප හෝදන් වරෙල්ල
🤨😒

අනික් එකී…🥲🤦‍♀️බූට් කෑමේ ඩිග්‍රි දහයක් විතර කරල දැන් phd කරන ගමන් ඉන්නෙ 😊😒…බූරු එලදෙන..🐽🐮.එක්කො අඩනවා,නැත්තං නිදාගන්නව ..අඩ අඩා නිදියනවා,නිදාගෙනත් හීනෙන් අඩනවා…අපේ කාමරේ වැඩිපුරම බැනුම් අහන්නෙ ඒකි😏😤😠 …විසාල බූටක් කාල ඊටපස්සෙ අපි ව බදන් අඩ අඩා දුක් ගැනවිල්ල කියද්දි ඇබුලිගෙ රතු කට්ට එලියට පනිනවා🙊🙉🚫…

“මට දීන් ඔය ගස් බල්ලගෙ නම්බර් එක – හොද දෙකක් කතා කොරන්ට”

🙊😂😂🤭
තියෙන කේන්තියට කාමරේ ඒ කෙරෝලටයි මේ කෙරෝලයි ඔලුව විකාර වෙනකං ඇවිදින එකීවයි,අඩන බබාලවයි නලවන්නයි සනසන්නයි මායි චබියි දෙන්නෙ බුදු ගේමක්😟🙏🙏..

අන්තිම ලාස්ට් ඉතිම් මගෙ උනු උනු සුපිරි කෝපි එක බීල 😎😋☕☕කූල් ඩවුං වෙන කට්ට්යම දෙයියනේ කියල නින්ද ට ගියාම තමා කාම රේ පලස්තීන යුද්දෙ නිල වසයෙන් අවසන් වෙන්නෙ…🙏😓🥴😤

කල්කි
……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………

#radiokalutara #යුnique #Campusජිවිතේ #dilninirmalee #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://uniqe.radiokalutara.lk

👉🏽 අපේ Radio Kalutara Android App එකෙන් බලනවානම්… 📲📶📳

Google Playstore 👉👇
https://play.google.com/store/apps/details?id=com.sahassoft.radiokalutara

Huawei App Gallery 👉👇
https://appgallery.huawei.com/?fbclid=IwAR3yFUkYojjIgX8IiK32iCdELPPt8iAJvsHQp5s-i2w8aHWqQ4s4ZoXQuIg#/app/C104469129

Galaxy Store 👉👇
https://galaxystore.samsung.com/detail/com.sahassoft.radiokalutara

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here