Home Articles Campus ජිවිතේ Campus ජිවිතේ – 3 කොටස

Campus ජිවිතේ – 3 කොටස

51
0

කැම්පස් එකේ ගෙදර 🏠,නැත්තං හොස්ටල් එක ,බෝඩිම කියන්නෙ ඉතිම් හැම කැම්පස් එකේ කෙල්ලෙක් ට කොල්ලෙක්ටම ජීවිතේ ට අමතක නොවෙන තැනක්❤️💜..මුල්ම දවසෙනම් ඉතිම් පට්ට දුකයි😥🥺..කොහොමත් ඉතිම් සතියක් විතර යනකං ගෙදර ගැන මනෝ පාර කොහොමත් වදිනව.🙁..හැබැයි ඉතිම් කාමරේ ට් වැටුන උන් ගැනයි..උන්ගෙ වැඩ ගැන යි මතක් වෙද්දී නම් හිනා කාල මැරෙනව 😂🤦‍♂️…

එකියක් ට තිබ්බා අලි විසාල සූට්කේස් හතරක් 😂..සූට්කේස් එකටවත් දරාගන්න බැරි ඉබ්බෙකුත් දාගෙන🤦‍♂️🔒..ඒ අස්සෙ තව එකියක් පතරංග බෑග් එකක් අනික් උන්ට අල්ලන්න වත් දෙන් නැතුව රකිනවා🤔🤷🏻‍♂️..ඒකි එහෙමෙහෙ වෙනකං ඉදල ඒක ඇරල බලද්දි විසාල ටෙඩියෙක්😂🤦‍♂️..ඌව ඇදෙන් තියාගත්තම ඒකිට නිදාගන්න වත් ඉඩක් නෑ☹️😒…ඌට කවන්නැති ටික විතරයි ..මට නම් මල සමයං ඕවා😒😏…එච්චර ප්‍රේම භක්තියෙන් තියන් ඉන්න ගුනසෝම ,සිරිපාල,චුබීත වගේ නානාප්‍රකාර නම් වලින් හදුන්නන ටෙඩියව😂පස්සෙ කාලෙක අනික් උන්ගෙ කේන්තිය පිට කරන මෙවලමක් විදියට ත් ,දූවිලි පිහදාන කාර්‍යක්ශම උපාංගයක් විදියට ත් පත් වුනා😁😁..පව් චුබීත..

උඩ ඇදට යන්නෙ බය නැති උන්නෙ😌😎..හැබැයි ඉතිම් සමහර උන්ට ඇදෙන් බිමට බහින්න මේස පුටු පවා තියන්න උනා🤪😉..මුල් දවස් වලනං ඇදවල් මාරු කරගන්න ඕනෙ හින්දා කොන්ද අමාරු, කකුලෙ අමාරු,වීස් එක අරක මේක ජීවිතේ ට අහල නැති ලෙඩ නම් කෝටියයි😳🥵..සමහර උන්ට ෆෑන් එක අරහං වෙද්දී එකියක්ට ඕනෙ මීටරේ කරකෝල හරි ෆෑන් එක තව වේගෙන් කරකවන්න 🤣🤣..

කාමරේ උන් සල්ලි දාල ගන්න කොස්ස ජනසතු වෙලා අපේ කොස්ස වෙන්න දවසක් වත් යන් නෑ🧹..ඊලග දවසෙ කොස්ස හොයන්න මුලු හොස්ටල් එකේම කාමරයක් ගානෙ යන්න වෙනවා….😬😩

උදේට හවසට තියෙන වොශ්‍ රූම් යුද්දෙ තමා ආතල් ම..😁🚿🚰🚽..සුපිරිසුදු පැහැයෙන්  පැයට කිලෝ මීටර එකසිය ගානට වතුර එන ටැප් එකෙන් රෙදි හෝදලා නාලා බලද්දි අතුරුදන් වෙන ටවල් එක ආපහු දොර උඩින් මතු වෙනකන් හොස්ටල් එකටම ඇහෙන්න බනින එක තමා ජොලිම🙈🙉😄😁…ඒ විතරක් ඇ..බුරුසුව, බාල්දිය, ටවල් එක, ෂැම්පු බෝතලේ අමතක වෙලා දහපාරක් විතර ආපහු හැරි හැරී එන චරිත චරිතත් නැතුවාම නෙවෙයි.😌😇😜….

උදේට කළබලෙන් ලෑස්ති වෙලා ලෙක්චර්  ගිහින්  හවසට ආපහු කාමරේට එද්දි යතුර නැතිව පිස්සු නටන කොට යතුරු කටේ යතුර එහෙමම තියෙනව දැක්කම තමා කාමරේ උන්ට දෙයියො බුදුන් මතක් වෙන්නෙ…😟🙏🙏🙏🙏🙏

හවසට බැල්කනි වල මල් කඩන උන්ව අමතක කරලා දොරවල් වැහුවම සමහර උන්ට ඒක මීටර් වෙන්නේ පැය දෙක තුනක් ගියාට පස්සේ.😄😃👩‍❤️‍👨📱..ඇහුන්නෑ වගේ පැය කාලක් විතර සද්ද නොකර ඉන්නවා ඉතින් එතකොට😌😉…

ඒ  හොස්ටල් කාමරේ බිත්ති හතර අපි අපි ගැන ඕනාවටත් වඩා දන්න තැනක් .🙃🙂අපේ හිනාව අපේ අපේ ජීවිතේ සුන් සුන්දර මතක හරි අපූරුවට දරා ගෙන ඉන්න තැනක්…😊🥺 මුල් මුල් දවස් වල නම් කාමරේ උන් විතරක් කාමරේට කොටු වුණත් දැන් නම් තේ බොන්නේ එක කාමරේක☕.. ඇදුම් ටික තව කාමරයක ,පාඩම් කරන්නේ තව එකක 📘📗📕..නිදා ගන්නේ තවත් එකක …

අන්තිමට තමන්ට හරියටම ලැබුනු කාමරේ මොකද්ද කියල වත් මීටර් නෑ ..😌🤷🏻‍♀️🤷🏻‍♂️

ජීවිතේ ට ලැබුනු,
හොදම ,
දෙවැනි මහගෙදර ………

කල්කි
……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………

Campus ජිවිතේ  පසුගිය කොටස :
https://www.facebook.com/radiozonekalutara/photos/3567464353320376

#radiokalutara #යුnique #Campusජිවිතේ #dilninirmalee #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://uniqe.radiokalutara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here