හා හා පුරා කියල පතරංග ජාතකේ වගේ තිබ්බ ඇප්ලිකේශන් ටිකත් පුරවන් කැම්පස් එක  ගිය දවස🚶🏻‍♀️🚶🏻‍♂️🙊😍..8.ට registration උනාට පාන්දර තුන හතරෙ ඉදන් එතන 🤪⏰..සමහර ගෙවල් වලින් ඇවිත් ඉදියෙ බස් පිටින්..🚎දැන් නම් මතක් වෙද්දි ත් හිනා යනව ..ඒත් ඉතිම් පරම්පරාවෙ එකක් කැම්පස් යනව කිව්වමත් ඉතිම් සතුටු නැද්ද 😌😇🥰…ගෑල්ලමයි නම් ලස්සන ලස්සන ගවුම් කෑලී, සායවල් හැට්ටවල් ඇදන් 🤩👚👗👕 ෆයිල් එකත් තුරුල් කරන් බයෙන් වගේ පැත්තකට වෙලා ඉන්නව 😕🥺…කොල්ලො ටික නම් කිට මරල ආයි නෑ ආමි ට්‍රේනින් එකට වගේ😆🙍🏻‍♂️👔…

ආදරනීය සීනියර් අයියල අක්කල සෑහෙන දවසක ඉදන් කට්ටක් කාල හදපු ලස්සන තොරන් රාජයෙක් කැම්පස් එක ඉස්සරහට ගේට්ටුව ලග❤️🤩🥳🎉🎊..ඒ වෙලාවෙ නම් හිතුන අනේ එයාල අපි ට කොච්චර ආදරේද කියල 😇😌🙊

 “කෑවද..බීවද..වොශ් රූම් අර පැත්තෙ..ඔෆිස් එකට යන්න ඕනෙ මෙහෙන්..නංගි ෆෝම් ටික ඔක්කොම හරි ද..ඔයා කොහෙ ඉදන් ද මල්ලි..කවුද තව ගෙදරින් ආවෙ..කීයටද ආවෙ…මගෙත් ඉන්නව ඔය පැත්තෙ යාලුවෙක් …”අයියල අක්කලගෙ ඉවරයක් නැති ප්‍රශ්න ඇහිල්ල වෙන වෙලාවකදි නම් මල කරදරයක් උනාට ඒ වෙලාවේ හැටියට නම් හිතේ තිබ්බ මෙව්ව එක පොඩ්ඩක් ශේප් වෙන්න සෑහෙන ලොකු උදවුවක් උනා..🥺😢🙏

අක්කල අයියල එක්ක කතාවට වැටුනු අම්ම මගෙ පරම්පරාවයි, ජාතකෙයි, කල්කිරියාවයි දශම තිතක්වත් අඩු නැතුව හැමෝම ඉස්සරහ සම්පූර්ණ කරද්දි😫😩දෙතුන් පාරක් අම්මෙ, අම්මෙ කියල කතාව නවත්තන්න මට සෑහෙන ගේමක් දෙන්න උනා..🙁😭 රවන්නත් බෑ හැමතැනම ෆොටෝ ගහන අයියල😤😁…

අම්ම බයවෙන්නෙපා අපි බලන්න ම් කියල අම්මලගෙ හිත හදපු එකත් ලොකු දෙයක් හැබැයි 🥺🙏…තාමත් නිවාඩුව ට ගෙදර ආවම ඒ සීදේවි අක්කල ගැන යි🙎🏻‍♀️🙎🏻‍♀️ගුනයහපත් අයියලවයි මතක් කරනවා🙎🏻‍♂️🙎🏻‍♂️🙎🏻‍♂️..මන් නම් මුකුත් කියන් නෑ 🤐අහන් ඉන්නව මිසක්😄😁…

ඔෆිස් එකේ ඇන්ටිලා ද අක්කලද මන් දන් නෑ😅😂එයාලගෙ රැස් මාලාව බලන්න වෙනම දවසක් ඕනෙ😒😏..හොස්ටල් එක ට ආවම තමා දන්නෙ අනික් අයත් මං වගෙම මල පැනල ඉදල තියෙන්නෙ කියල 😂☺️😒😒🤨..

VC ලගෙ AR සර්ලගෙ කතා යද්දී නම් මේ මොන අන්ඩරදෙමලයක්ද කියල හිතුනා😢🙆🏽‍♂️…ඇයි හත්තිලවුව තනිකර කඩ්ඩෙන්😂🤦‍♀️🤦‍♂️🤷🏻‍♂️🤷🏻‍♀️…ඒත් ඉතිම් හෙන ගැම්මෙන් අහන් ඉදියා😁😎..නෝන්ඩි වෙන්න ත් බෑනෙ 😅☝️🙏..

සෙමෙස්ටර් ගැන යි quiz ,mid,end අරව මේව ගැන කියද්දි නම් හිතුනා…එදිනෙදා දෙන වැඩ එදිනෙදා කරලා🙂😌 මුල ඉදන් ම් හොදට පාඩම් කරල 😇😊🙂🙃හැම පාරම බැජ් ටොප් අරං කීර්තිමත් සිස්සයෙක් වෙන්න 😊😼🙌🏻🧑‍🎓👨🏻‍🎓….

මං  තාම කල්පනා කරන්නෙ  එහෙවු හිතපු මට දැන් මොකද උනේ කියල 😁😂😂😝🤪…

කල්කි

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………

පසුගිය කොටස :
https://unique.radiokalutara.lk/campus-%e0%b6%a2%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%9a-1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83/

radiokalutara #යුnique #Campusජිවිතේ #dilninirmalee #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….
……………………………………………………

පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇

https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇

https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://unique.radiokalutara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here