😊❤️සමහර දේවල් තියෙනවා හැමෝටම විඳින්න බැරි ,හිමි කර ගන්නත් බැරි සුන්දර අත්දැකීම් . සමහර දේවල් වලට කෙනෙක් අකමැති වෙන්න පුළුවන්.ඒත් සමහර අයට සමහර දේවල්, සමහර අත්දැකීම් ජීවිත කාලය පුරාවටම මතක රැඳෙන අතාරින්න අකමැති දේවල් වෙනවා ..මං අද කියන්න යන්නේ අන්න එහෙම හැමෝටම වාසනාව ලැබෙන්නෙත් නැති, ලැබුණොත් අතාරින්න හිතෙන්නෙත් නැති සුන්දර අත්දැකීමක් ගැන .😍ඒ තමයි සරසවි ජීවිතය …..

සෙල්ලම් කාලෙ,දාංගලේ පිරුනු අවුරුදු දහයේ ඉඳන් අපි විභාග වලට ලියනවා.අම්මලාගේ විභාගය ශිෂ්‍යත්වය වෙද්දී, ගුරුවරුන්ගෙ විභාගය O/L වෙද්දි , ලමයින්ගේ විභාගය වෙන්නේ A/L. 😟මතක් වෙද්දිත් මොකද්ද වගේ තාම ත්..😬.රෑ නිදි වරාගෙන පාඩම් කරලා දුක්විඳලා අවුරුදු ගානක,මාස ගානක කට්ටක් කාලා🥵😓 A/L ගොඩදාගන්න විතරක් නෙවෙයි ඒ අස්සෙන් කැම්පස් සිලෙක්ට් වෙලා නැවකට ගොඩවෙන්න දක්ෂතාවය ම වගේම luck එක ත් යංතං හරි තියෙන්න ඕනේ.😉ඒ දවසේ අම්මගේ තාත්තගේ ඇස් වල දිලිසුන සතුටු කඳුළු ඩිග්‍රිය ගන්න දවසටත් දකින්නයි මට ඕනේ ..🤩🤩

කැම්පස් ෆස්ට් ඉයර් කියන්නෙම ජරමර ගොඩක් . අප්පටසිරි වෙන්න කඩන් වැටෙන බාල්දි ලෝකයක් 🤦‍♂නානාප්‍රකාර ඩෑල් , අලුත් පරිසරයක් හැමදේම නුහුරු නුපුරුදු වෙද්දි ඉබේටම ඒ හැමදේටම ශේප් එකේ ඕකේ වෙද්දී බකට් එක සෝශල් එක ගන්න හැමෝම එකා වගේ පට්ටම විදියට එකමුතු වුණා .සුවාදහසක් අන්ත අසරන තනිකඩ ජීවීන් ගේ මල් මල් බලාපොරොත්තුව වෙච්ච හන්තාන සංචාරයේ 🍃⛰️ඒ සහෝදරකම්, ආලවන්තකම් තවත් වැඩි වුණා.❤️ වුණා. අන්තිමේදී සමහර ඒවා මල් පාරෙ අත් පටලන් සිරා කොකු වෙනකම්ම දුරදිග යද්දි 😁🤗😍බත් කොකු ,නෝට් කොකු ,ලැම්බට් කොකු ,ආතල් කොකුත් එහෙන් මෙහෙන් මතු නොවී තිබුනෙම නැතිව නෙවෙයි . 😍 අවුරුද්ද ක් දෙකක් යද්දිනෙ කොක්ක මොකද්ද කියල මීටරේට එන්නෙ .😂 එතකොට ඉතිම් පෙරහැර ත් ගිහින් ,බලන්න ආපු මිනිස්සු ත් ගිහින්
😬 ෆස්ට් ඉයර් ගැන ඉතින් මීට වඩා ලස්සන අත්දැකීම් තියෙනවා ඒක ගැන දන්නෝ දනිති .🙈🙉🙊😁

උදේට ටොයිලට් පෝලිමේ ඉදලම පරක්කු වෙලා යන ලෙක්චර් 😉,මාස ගානක් උගන්නපු දේවල් සනික නූඩ්ල්ස් වගේ පැයෙන් ගොඩදාලා දෙන කුප්පි 🥵🙏,විනාඩි පහෙන් කොපි පේස්ට් වෙලා හැදෙන individual එසයිමන්ට් ,අත ළඟ එග්සෑම් තියෙද්දි එකෙක් ව ආතල් එක ට අරන් එලිවෙනකන් කියෝ කියෝ ඉන්න , රොත්ත පිටින් එකතු වෙලා ෆිල්ම් බලන ,බජව්වක් දාන දවස්..🥺🥳🤪 ආවේණික රස එකතු වුන කැන්ටිං හෝටලේ ස්පෙශල් බත් එක 😋😣 හොස්ටල් වල බෝඩිං වල තියන අමනුෂ්‍ය බලවේග,ශෝ මෑන් නැත්තං ග්‍රීස්‍ යකා 🤣👻කැම්පස් ජීවිතේට ලැබෙන හරි අපූරුපැකේජ්..😊

කැම්පස් ජීවිතේ කියන්නේ මේක සොදුරු ලෝකයක් වගේ තමා.😌🌎ලංකාවේ හතරවටින් එක එක තරාතිරමේ එක එක ආගම් වල ළමයි එක්ක ගත වෙන ඒ දවස් පට්ට සුන්දරයි😃 .හොස්ටල් එක බෝඩිම කියලා වෙනසක් නැතිව ගෙදර තරමටම ලං වෙද්දී 🏠කාමරේ ඉන්න අය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ වෙද්දි 🧍💜🧍🏼‍♂️..හිත රිද්දන දේවල් දාහක් උනත් ඉකි ගහලා අඬනකොට කාමරේ ඉන්න උන් ආදරණීය වැළඳ ගැනීමක් වෙද්දි ..😭😢. රෑ එලිවෙනකන් වුණත් දුකක් අහන්න උණුවෙන තරම් හිත් ගොඩක් ලග ඉදිද්දී🥺😔..මොන ප්‍රශ්නේ ආවත් මං ලඟ ළඟ ඒ පිටිපස්සෙන් “අපි උඹත් එක්ක” කියලා මටත් කලින් ගේමට බහිද්දි ..🤨😒😌..ගෙදරින් ගේන බත් එක තිබ්බෙ මොනාද හොයාගන්න බැරිවෙන්න බැච් එකේ ඔක්කොම උන් රහ බලද්දි😋🤤🍛.. නොතේරුණත් එකපාරට සිය පාරක් හරි ටොකු කකා, බැන බැන පාඩම්කියලා දෙද්දී🙊😬..එකම ඇඳුම අයිතිකාරය කවුද කියලවත් දන් නැතුව හැමෝම උන් මාරුකරගෙන අදිද්දි ,,ඒක ඇත්තට ගෙදර තරමටම තදින් බැඳුණු පට්ට ලස්සන,සුන්දර බැඳීමක්.😊🤗 ..

මාස ගාණක් ප්ලෑන් කරලා යන ට්‍රිප් එකක්🤣😂😁🏕️.. ගිනි අව්වෙ කට්ට කාගෙන යන කැටයක්,🥵…සෝෂල් බකට් අස්සේ අස්සේ හම්බුවෙන නා නා ප්‍රකාර ෆන්ශන්..🎊🎉කලා උළෙලක අවුරුදු උත්සවයක, පිකට් එක ක ෆැකල්ටි භේදයක් නැතිව ගැන්සියෙ තිබ්බ ෆිට් ☝ ජීවිතයේ මතක පොත පිරෙන්නම අත්දැකීම් එකතු කරනවා ..😊😊😊

ඉතින් …………😊☺️

බැරි එවුන් නැති, දුප්පත් පෝසත් බේදයක් නැති, ආගම් වර්ණ භේදයක් නැති, කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාලම නැති ඒ සහෝදරකම්, ආලවන්තකම් ,සෙනෙහෙවන්තකම් එක එක දවසක කිසිම කෙනෙක් අඩු නැතිව උපාධිය ගෲප් ෆොටෝ එකකට📸 සන්තෝසෙන් හිනා වෙන දවස ගැන වචන කරන්න බැරි තරම් සතුටක් වෙන කොහෙන්ද ..🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️..

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
කථාව : දිල්නි නිර්මලී

radiokalutara #යුnique #Campusජිවිතේ #dilninirmalee #rkmfsrilanka
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://unique.radiokalutara.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here