ලංකාවේ මිනිස්සුන්ට සමාජය දිහා වපර ඇසින් නොබලා සිටින්නට නොහැකිද ?.. වැරැද්ද තියෙන්නේ ලංකාවේ මිනිසුන්ගෙද ? නැත්නම් සිතුවිලි වලද ? විදිය යුතු දෙයක් මිස විදවිය යුතු දෙයක් නොවන ජිවීතය රිසිසේ නිදහසේ විදින්නට ඉඩක් නොමැතිද ?

අවධානය ලංකාවේ නව යෞවණය දෙසට… විභාග පදනම් වුනු අධ්‍යාපනය ක්‍රමයක් ඇතුළේ සිරවුනු නව යෞවනය අද සයිබර් අවකාශයේ අතරමං වෙලා… හීනවලට, හැගීම්වලට, සිතුවිලිවලට තහංචි පනවලා… නව සිතුවිලි පොදිබදින තාරුණ්‍ය‍යට නිදහස සතුට අවශ්‍යයි. නමුත් අද?… එකී තාරුණ්‍ය බිත්ති හතරකට කොටු වෙලා. වත්මනෙහි සමාජ මාධ්‍ය හරහා අසභ්‍ය දර්ශන නරඹන්නට දරුවන් යොමු වීමටත් හේතුව එයයි. විඩීයෝ ක්‍රීඩාවලට ඇබ්බැහියටද හේතුව එයයි. ඔවුන් සොයන මානසික නිදහස සොයා යන්නට ඔවුහු උත්සුක වුද සැබැවින්ම ඒවා තුල ඒ නිදහස නොමැත. එනිසා දිගින් දිගටම සොයා යායි. විටෙකදි හති වැටෙයි. එතනදි නැවත හැරෙන්නට සිතුවත් බොහො විට ඒවනවිට වැරදී අවසන්ය. සියල්ලට හේතුව තම මිතුරන් සමඟ කෙළි ලොලෙන් කල් ගෙවන්නට ඉඩ නොමැති වීමයි. මිතුරන් සමඟ ගෙවන ජීවිතය නිවස තුළ ගෙවිය හැකි යැයි යමෙකුට තර්ක කළ හැකියි. නමුත් එය සම්පුණයෙන්ම සදොස්ය. මන්ද යත් නව යෞවනයන්ගේ සිතුවිලි ක්තාබස් එකට යාදින්නේ ඔවුනොවුන් හා මිස පවුලේ අය සමග නොවේ. පවුල එකකි. මිතුරු සමුහය තව එකකි. දෙක එකට ගළපන්නට උත්සහ දැරූද එය අසාර්ථකයි. නමුත් කල්‍යාන මිතුරන් තෝරා ගැනීම ඔවුනොවුන්ගේ වගකීමයි.

සැබැවින්ම මිත්‍රත්වයේ බැදීම් කෙතරම් ශක්තිමත්ද යත් හේතුවක් නැතිව හෝ පැය ගනන් විහිලු තහලු කරමින් කතා බස් කරන්නට ඔවුන්ට විශ්මිත හැකියාවක් ඇත. නමුත් අද ඒ සියල්ල මැසේජ්වලට කෝල්වලට සීමා වෙලා… විටෙකදි ඊටද ඉඩක් නැත. ඉතින් ලමා මනස අවුල් වීම අරුමයක් නොවේ.

එපමනක්ද නොවේ. කෙල්ලෙක්ට යහලුවන් ඉන්න බැරිද? කොල්ලෙක්ට යෙහෙළියන් ඉන්න බැරිද? පුලුවන්.. හැබැයි ලංකාවේ, මිනිස් සිතේ ගොඩ නගලා තියෙන සමාජ මතයන් එක්ක එහෙම බැරිලු, මොකද ඒ තරමටම සමාජය කුරිරුයි. හැමදේම දකින්නේ වැරදි විදියට. වැරැද්ද සංස්කෘතියේ. කෙල්ලෙක්ට කොල්ලෙක්ව ආශ්‍රය කරන්න තියා කතා කරන්නවත් බැරි තරමටම දුර්මත ගොඩනගලා. වෙනස් වන ලෝකයට අනුව හැඩ ගැසෙන්නට සුදානම් වී සිටින්නේ යෞවණයන් පමණයිද? අන් සමාජයට ඊට හැඩ ගැසෙන්නට නොහැකිදැයි ප්‍රශ්නාර්ථයක් ?

සිතුවිලි ගැන එහෙම කියද්දි අධ්‍යාපන රටාව ගැන් මෙහෙම කතා කරමු. විභාග… විභාග… විභාග… එමනයි දන්නේ ලංකාවේ මිනිස්සු. සමාජ අත්දැකීම් නැති මොලේ පුරවපු යාන්ත්‍රික මිනිස්සු ටිකක් ගොඩනැගෙයි. පහේ පන්තියට වෙනකං ශිෂ්‍යත්වෙට දගලලා හයේ පන්තියෙන් පටන් ගන්නවා විශයන් බර ගානක්. හැම එකෙන්ම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න තියෙන්නේ.. තේරුමක් තියෙනවාද ඒක ? ඊලඟට ඕලේවල් පන්තියට. A9 වලට තමයි ඊලඟ හීනේ. එකෙක් ජිවීතේට දෙයක් ගත්තා කියමුකො. එතනින් එන්නේ වැඩගත්ම පියවරට. අනාගතේ තීරණේ කරන විභාගෙට. ගොඩක් අය වරද්දගන්න තැන උසස්පෙළ. මොකද හැමෝම හිතන්නේ ළමයි ඔක්කොමලා වෛද්‍යවරු , ඉංජිනේරුවෝ වෙන්න ඌනේ කියලා. ඉතින් උජාරුවට ගණිත, විද්‍යා විශයන් කරන්න පටන් ගන්නවා. විභාගේ අනාගන්නවා. වෙන්න ඕනේ ඒක නෙමෙයි, මේ වහල් මානසිකත්වෙන් මිදිලා තමන්ට නියවම දක්ෂතාවය තියෙන ක්ෂේත්‍රය තෝරාගෙන ඒකෙන් ඉගෙන ගෙන අනාගතේ හදා ගන්නයි ඕන. ඒ වගේම හිතුවොත් කරන්න බැරි දෙයක් නැ. විභාග කේන්ද්‍රික අධ්‍යාපන රටාවම ප්‍රමණාවත්ද?.. විභාග විතරක්ම කරලා කෙනෙක් ගොඩ යයි.. නමුත් විෂයබාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා වගේ දේවලුත් එක්කම ඉගෙනීම දිනන කෙනා අතිසාර්ථකයි. විටෙකදි අනෙකාට වඩා ඔවු කාර්යබහුල විය හැකියි. නමුත් ඔහු එක් ක්ෂ්ත්‍රයකින් වැටුනොත් නැවත නැගිටින්නට තවත් ක්ෂ්ත්‍ර පිටිපස්සෙන් ගොඩනගාගෙනමයි ඉදිරියට යන්නේ. ඒකයි වටිනාකම. නමුත් බොහොවිට ඒ ගමන යන්න උත්සහ කරන නව යෞවණයන්ට හුදෙක්ම යම් යම් අය හරස් බාධක පනවනවා ” ඇයි මෙහෙම ” කියලා නතර වෙල ඉන්න අපිට බැහැනේ. ඒ නිසා මේ සමාජ ක්‍රමේ වෙනස් කරන්න බැරිනම් බාධක බිද ගෙන ඉස්සරහටම යාමට සිදුවීම යෞවණයන්ට වන අභියෝගයයි.

විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති මේ ලෝකයේ එක් දුපතක් වන ශ්‍රී ලංකාව තවමත් නවමු ලෝකයට අනුව යාවත්කාලින වී නැති හැඩයි. එසේ වෙනස් වී ඇත්නම් ” ඇයි මෙහෙම ? ” කියලා අහන්න තරම් නුතනයට අනුව වෙනස් විය යුතු තැන් ලාංකීය සමාජ රටාව තුළ තිබෙන්නට බැහැ නේද ?

දෙව්මිණි චමෝද්‍යා සමරකෝන්
11 ශ්‍රේණිය
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ( මාධ්‍ය ඒකකය )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here