Home Articles Semi සේමි – 3 කොටස

සේමි – 3 කොටස

141
0

ජීවිතේ කියන්නේ තෝරා ගැනීම් වල එකතුවක්..

මං මෙහෙම දවස් කීපයකට කලින් fb පෝස්ට් එකක් දැම්මා. Like cmmnts එහෙමත් ගොඩක් තිබ්බා..
ඉතින් ඇත්තටම ජීවිතේ කියන්නේ තෝරාගැනීම් වල එකතුවක් ද නැත්තම් එක්තරා තෝරාගැනීමක් ද?

මං හිතන විදියට ඒක එක එක මනුස්සයට සාපේක්ෂයි. හිතන්න..

පුංචි කාලේ ඉදන් යන්න path එකක් නැතුව අඩියෙන් අඩියට එන අභියෝග.. ඒ කියන්නේ O/L , A/L මත තමන්ගේ ගමන තීරණය කරන මනුස්සයෙක්.. ඒ මනුස්සයට අවුරුද්දෙන් අවුරුද්ද ට එක එක අලුත් තීරණ ගන්න තියෙනවා.. ඉතින් එහෙම කෙනෙකුට ඇත්තටම ජීවිතේ කියන්නේ තෝරාගැනීම් වල එකතුවක්. නමුත් හිතන්න පුංචි කාලේ ඉදන් එකම හීනයක් තියාගෙන ඒ හීනේ අවුරුදු ගනන් හිත ඇතුලේ වතුර දදා පෝර දදා සාරෙට වවන කෙනෙක්.. කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර වැටුනත් තමන්ගේ හීනේ වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක් ට ඇත්තටම ජීවිතේ කියන්නේ එකම එක තෝරාගැනීමක් විතරයි. මොකද එහෙම කෙනෙක් ගේ ජීවිතේ කියන්නේ ඒ හීනේ විතරයි. ඒ හීනේ මැරුණු දවසක ඒ මනුස්සයත් ක්ෂය වෙලා යනවා.

මේ තීරණ අපේ ජීවිතේ අපි කවුද.. අපි කොහොමද ජීවත් වෙන්නේ.. අපි කොතනද ජීවත් වෙන්නේ.. කොටින්ම අපේ පුරවැසිභාවය පවා වෙනස් කරනවා. මේ හැමදේමත් එක්කම තරුණ වයසට එනකොට අපිට අපේ life partner කියන කෙනාවත් තෝරගන්න වෙනවා.. ඉතින් මට හැමෝම කියන.. ඇහුණ සහ මාත් අත් විඳපු සමහර සිදුවීම් මේ ගැන තියෙනවා.

ජීවිතේ අපි හැමෝටම අපි ජීවත් වෙන වෙනම life pattern එකක් තියෙනවා. ඉතින් අපි මේ life partner තෝරන ගමනේදී අපේ life pattern එකට මැච් වෙන.. අපේ පවුලට මැච් වෙන අපේ educational level එකට මැච් වෙන.. කොටින්ම අපේ අම්මා අප්පච්චී කැමති වෙන විදියේ කෙනෙක්ව අපි තෝර ගන්නවා. ඒත් ඇත්තටම ඒ මනුස්සයා එක්ක ටිකක් කතා බහ කරද්දී මොකක්දෝ කියන්න බැරි හිස් කමක් වගේ දෙයක් එතන දැනෙන්න ගන්නවා. හරියටම තමන් දෙයක් කියන්න හදන කොට ඒ දේ completely එයාට තේරුම් ගන්න බෑ වගේ දෙයක්. කොච්චර ගැලපෙනවා උනත් එතන හිස්.
ඔන්න ඔය තැනදී හදිස්සියේ ම අපිට හම්බෙනවා අපිට දැනෙන කෙනාව.. ඔයා දෙයක් කියා ගන්න බැරුව ලොකු හුස්මක් අරන් පිට කලත් ඒ හුස්මේ තිබ්බ වේදනාව තේරුම් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක්. ගව් ගානක් ඈත හිටියත් ඔයාව දැනෙන කෙනෙක්. ඒ ඇස් දෙක දිහා බලන් හිටියත් ඇති ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි කරුමේ කියන්නේ මෙයා අපේ life pattern එකට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ.. හරියට ඔයා ගෙදරින් එලියට බහින්න අම්මගෙන් permission ගන්න ඕන කෙනෙක් නම් එයා කොහේද යන්නේ එන්නේ කියලා එයාගේ ගෙදර මිනිස්සුවත් දන්නේ නෑ. නැත්තම් ඔයා හොඳ degree යක් කරන කෙනෙක් නම් එයා A/L ලාවට පාස්. ඔය වගේ නානාප්‍රකාර නොගැලපීම්.. අම්මට ඒ කෙනා ගැන කිව්වොත් ගුටි කන්න වෙන තරමේ නොගැලපීම්.. එහෙමමත් නැත්තම් අර ගැලපෙන කෙනෙක් හොයාගෙන එයාව බඳින්න ඔන්න මෙන්න වෙන්නත් පුළුවන්.
අපි ගැලපෙන කෙනාට උපදෙස් දීගෙන එයාව වෙනස් කරන්න හැදුවත් කවදාවත් අපි දැනෙන කෙනාව එහෙම වෙනස් කරන්න යන්නේ නෑ.. ඒ තරම් අපි එයාට ආදරෙයි.. අනේ අපිට ගැලපෙන තාලෙට වෙනස් වෙන්න කියලා නොකියා කියනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.. ඒ හිතුවක්කාරයා ඕවා අහන්නෙත් නෑ.. ඉතින් අහිංසක මිනිස්සු ගැලපෙන තැනයි දැනෙන තැනයි අතර හිර වෙනවා. පස්සේ හැමදේම කාලෙට භාර දීලා එයාලා පැත්තකට වෙනවා..
මනමේ කුමරිය චපලයි කිව්වට ඇයට කුමරු කොච්චර ගැලපුනත් වැද්දා ව ඊට වඩා දැනුනා. දැනෙන තැන කොහොමත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් වැදි රජුත් හිතුවක්කාරකමට ඇයව අත ඇරියා.

මේ කතාව මගේ ඔබේ ගොඩක් අයගේ නොකියපු කතාවක් වෙන්න ඇති.. අනේ ඉතින් හුදෙක් අසරණ ආදරවන්තයන් වෙනුවෙන් ඉල්ලන්නේ ඔයත් කාගේ හරි දැනෙන කෙනෙක් නම් හිතුවක්කාර නොවී ඒ කෙනාට ගැලපෙන කෙනෙක් වෙන්න. නොපෙන්නුවට ඒ මිනිස්සු හරි අසරණයි.. පුංචි අවුරුදු ගානක් හිත පාලනය කරගෙන ගැලපෙන කෙනෙක් වෙන්න හිත ශක්තිමත් කරගන්න. දේවල් කරන්න කලින් හරි අමාරුයි. කරාට පස්සේ අයියෝ මං මේකට ද මං මේ මෙච්චර හිතුවේ කියලා හිතෙනවා.
ඉතින් ඔයාත් ජීවිතේ කියන්නේ තෝරා ගැනීම් වල එකතුවක් නොකර එකම එක තෝරාගැනීමක් කරන්න.ගොඩක් තැවීම්.. පසුතැවීම් නැති වේවි ❤

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම
….……………………………………………………
ලියන්නේ ♡ හිමායා කරුණානායක ♡

පසුගිය කොටස :
https://unique.radiokalutara.lk/%e0%b7%83%e0%b7%9a%e0%b6%b8%e0%b7%92-2-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83/

#radiokalutara #යුnique #semi #සේමි #himayakarunanayaka #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න
….……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇
👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇https://www.facebook.com/radiozonekalutara/
👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇https://www.youtube.com/radiokalutaralk/community
👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇https://unique.radiokalutara.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here