Home Articles Semi සේමි – 2 කොටස

සේමි – 2 කොටස

56
0

ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ මොකක්ද??

ඒ ප්‍රශ්නෙ මං ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙන උත්තරේ සමහර විට travel කරන එක, tatoo ගහන එක, රස්ති වචනෙන් කියනවා නම් party බහින එක, නැත්තම් living together ඉන්න එක වෙන්න පුළුවන්..  ගොඩ දෙනෙක් දෙන උත්තරේ මේක..

ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ ඒකද?

මං ඒ ගැන මෙහෙම අර්ථකථනයක් දෙනවා.. එක ගෑණු ළමයෙක් ඉන්නවා.. එයාට හන්දියේ කඩේට යන්නත් අම්මාගෙන් permission ගන්න ඕන. යනකොට අඳින ඇඳුම ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.. තව දාහක් දේවල් කඩේට ගිහින් එන ඒ විනාඩි ගානකට බලන්න ඕන. තවත් සමහර පිරිමි ලමයෙක් ඉන්නවා ඇත්තටම බොන්න අකමැති, travel කරන්න ආස නැති, pc එකේ game එකක් ගහගෙන ආතල් එකේ ඉන්න කැමති. ඒත් සමාජ මතය එක්ක go වෙන කෙනෙක් නම් අනිවා, එහෙම ජීවිතේ විඳිනවා කියලා card වැදුන අයගේ  photos, videos බල බල හූල්ලනවා ඇති. ඇත්තටම ආස නැති උනත් සමාජ මතය නිසා auto ආස වෙලා ඇති නැත්තම් ආසයි වගේ රඟපානවා ඇති. මං අද මේකෙන් කතා කරන්නේ අන්න ඒ ඔයා වෙනුවෙන්❤

සමාන්‍යයෙන් මම එහෙම කෙනෙක් පෙන්නල කෙනෙක්ගෙන් ඇහුවොත් මෙයා ජීවිතේ විඳින කෙනෙක් නේද කියලා  එයාල මට සවුත්තුවට හිනා වේවි. එහෙනම් මෙහෙම ගමුකෝ.. 

මං travel කරන්න ආස නෑ!! මං මේ කිව්ව වචන ටිකම ඇති මාව මේ Facebook එකෙන් පන්නලා දාන්න.. මොකද  ඒ තරම් ලොකු trend එකක් නේ ඒක.. මං ඇත්තටම travel කරන්න ආස නැත්තේ මට දුර ගමන් යද්දි වමනේ යනවා.. අනික පැය ගානක් වාහනේක හිරවෙලා ඉන්න මං කැමති නෑ.. තව මට මගේ ගෙදර ඇඳ තරම් වෙන මොන ඇඳක්වත් සෙට් වෙන්නේ නෑ.. ඔය වගේ නානාප්‍රකාර හේතු නිසා මට දුර ගමන් ගියාම පුදුම අපහසුවක් දැනෙනවා..

                                                                                 ඉතින් එතකොට එහෙම බැලුවම මං ජීවිතේ විඳින කෙල්ලෙක් නෙවෙයි ද.. නෑ! මං හොඳට මගේ ජීවිතේ විඳිනවා..

                                                                    පාර දිගේ නුගේගොඩට ගියත්, කහ ඉරකින් පාර පැන්නත්, bus එකේ ගියත්, ලඟම තියෙන මුහුදු වෙරළට ගියත්, හංදියේ කඩේට ගියත් මං මගේ ජීවිතේ විඳිනවා.. එච්චර  ඕන නෑ ගෙදර ඇතුලේ ඉඳගෙනත් මං ජීවිතේ විඳිනවා!  ඒක මහ අප්රභංස කතාවක් නේ😅

                                මෙහෙමයි.. මට තියෙනවා ටිකක් වෙනස් ආසාවක්.. ඒක මහ විකාර ආසාවක්.. මං මාර ආසයි කහ ඉරෙන් පාර පනිද්දි BMW , BENZ, වගේ ලොකු ලොකු වාහන නවත්තලා පාර පනින්න.. මං ඒකෙන් මාර තෘප්තියක් ලබනවා.. ඒ හැම වෙලාවෙම මං හීන දකිනවා දවසක මාත්  මෙහෙම ලස්සන කාරෙකක වාඩි වෙලා, මං වගේ ගෑණු ළමයෙක් මගේ වාහනේ නවත්තල පාර පනිනවා බලන් ඉන්නවා කියල..  ඒකෙන් මට අමුතු සතුටක් ලැබෙනවා.
                                                        තව… මං පුදුම ආස වැඩක් තමයි bus එකේ හොරෙන් යන එක.. මාසෙකට සැරයක් හරි mood fix දවසක් අල්ලලා එහෙම කරනවා.. එතකොට මට bus එකේ යන ඒ විනාඩි ගානම දැනෙන්නේ ලොකු mission එකක්  වගේ.. ඒකෙන් මං මාර තෘප්තියක් ලබනවා.. හැබැයි ඒ ඔක්කොම කරලා අර ඉතුරු වෙච්ච බස් ගාස්තුව පාරේ ඉන්න, ලමයි ගෙවල් වලට ගන්නේ නැති අහිංසක ආච්චි කෙනෙක්.. සීයා කෙනෙක් බලලා දෙනවා.. කොන්දොස්තර මහත්මයටත් පින් අනුමෝදන් කරලා මං එනවා..  ඒකෙනුත් මං මාර තෘප්තියක් ලබනවා.

                                                      කඩේට ගියත් එතනට එන අලුත් අලුත් මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරලා අත්දැකීම් එකතු කරගෙන ජීවිතේ විඳිනවා.. ඒ මුකුත්ම නැත්තම් Facebook එකේ ආතල් පෝස්ට් එකක් share කරලා සතුටින් හිනා වෙලා ජීවිතේ විඳිනවා ❤

දැන් ඔයාල අහයි.. අපිත් fb එකේ post share කරනවා ඒත් අපිට කිසිම සතුටක් නෑනේ කියලා. සතුට අපි ලඟට කවමදාකවත්  එන්නේ නෑ. මොකද සතුට තියෙන්නේ අපි ගාවමයි. සතුට කියන්නේ  තෘප්තිමත් වීමේ හැකියාවයි! අපි දෙයකින් තෘප්තිමත් වෙනකොට අපි සතුටු වෙනවා, අපි සතුටු වෙනකොට අපි ජීවිතේ විඳිනවා. එක එක අය සතුටු වෙන විදිය වෙනස්. අන්න ඒ නිසයි ජීවිතේ විඳිනවා කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ දෙයක් වෙන්නේ.. නැතුව ජීවිතේ විඳිල්ල කියන්නේ Facebook trend එකක් එහෙම නෙවෙයි.

                                ඉතින් ඇත්තටම අපි ජීවිතේ විඳිනවාද..විඳවනවද කියලා තීරණය වෙන්නේ අපේ තෘප්තිමත් විමේ හැකියාව මත.
                                                          සමහරෙක් travel කරලා සතුටු වෙනවා. තව අය living together ඉඳලා සතුටු වෙනවා. තවත් අය tatoo ගහලා party  බැහැලා සතුටු වෙනවා. මං වගේ උන් කහ ඉර පැනලා සතුටු වෙනවා. එහෙම මෙහෙම බලන් ගියාම ඔයත්, ජීවිතේ විඳින මිනිස්සු කිය කිය අනුන් දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න කෙනෙක් නම් ඔයා ඔයාගේ ජීවිතේ අමු අමුවට විඳවනවා..

එතකොට තව කෙනෙක් මට මෙහෙම කියයි.. ඇත්තටම මගේ සතුට තියෙන්නේ travelling වල ඒත් මට එහෙම travel කරන්න අම්මලා permission දෙන්නේ නෑනේ.. එක්කෝ සල්ලි නෑනේ..

                        ඉතින් මෙහෙම අයට මං කියන්නේ ඔයා අද ඔහොම නහයෙන් ඇඬුවා කියලා ඔයාට travel කරන්න ලැබෙන්නේ නෑනේ.. අන්තිමට ලස්සනට ජීවත් වෙන්න තියෙන තත්පර ගානත් ඔයාට නැති වෙලා. ඉතින් ඒකට අවුරුදු පහක් මහන්සි වෙලා සල්ලි හොයන්නකෝ.. අම්මලා බර බරේ දානවා නම් travel කරන්න කැමති life partner කෙනෙක් හොයන් marry කරලා travel කරන්නකෝ. හැබැයි ඉතින් ඒ කාලේ ගෙවෙනකල් උදේ හවා නහයෙන් අඬ අඬා දුක් වෙන්නේ නැතුව ලඟ තියෙන දෙයින් තෘප්තිමත් වෙලා හැම පුංචි දේකින්ම සතුටු වෙන්න බලන්න.. ඒකට පුංචි උදාහරණය ටිකක් දාලාම තියන්නම්..

                                                                  ඔයා ගිහින් හිරි පොද වැස්සට තෙමිලා සතුටු වෙන්න.. බස් වලට අත දාලා නැවැත්තුවම අහක බලන් ඉඳලා සතුටු වෙන්න.. පාරේ යන චූටි බෝල බබෙක්ව හුරතල් කරලා සතුටු වෙන්න.. මෙකි නොකී පුංචි දේවල් කරලා සතුටු වෙන  ගමන් මේකත් මතක තියා ගන්න.

” සතුට තියෙන්නේ ඔයාගේ තෘප්තිමත් වීමේ හැකියාව මත මිසක් Facebook trend වල නම් නෙවෙයි “

……………………………………………………

මිළඟ කොටස ඉක්මණින්ම….

……………………………………………………

ලියන්නේ ♡ හිමායා කරුණානායක ♡

පසුගිය කොටස :
https://www.facebook.com/radiozonekalutara/photos/3567365616663583

#radiokalutara #යුnique #semi #සේමි #himayakarunanayaka #rkmfsrilanka

ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….

……………………………………………………

පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇

https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇

https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://uniqe.radiokalutara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here