” අනේ මං කැතයි හලෝ.. මං කෙට්ටු වැඩියි.. අනේ බං මං මහත වැඩියි.. ඒ නිසා කවුරුත් මට කැමති නෑ බං.. මං ලස්සන නෑ ඕයිහ්..”

මේක මං දිනපතා අවුරුදු ගානක් තිස්සේ ගෑණු ළමයි ගොඩ දෙනෙක් කියනවා අහපු කෙනෙක් සහ මාත් එහෙම හිතපු කෙනෙක්. ඉතින් මට නිකමට හිතුනා මේ ගැන මගේ අත්දැකීම වගේම මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න.

ඉස්සරම පුංචි කාලේ ඉදන් මං ටිකක් උස මහත ලමයෙක්.. මට මතකයි ඉස්කෝලේ අටේ පන්තියෙ නවයේ පන්තියේ ඉන්නකොට මට කෙට්ටු වෙන්න පුදුම උණක් ගැහුවා.. මං ඒ කාලේ photos අද බලද්දී මට හිතෙනවා ඇත්තටම ඒ කාලේ මට පිස්සු ද කියලා.. ඇත්තටම මට පිස්සුමත් නෙවෙයි.. ඒ දවස් වල දකින දකින හැමෝම මට මහතයි කිව්ව නිසා මං එහෙම හැසිරුණා කියලා මට දැන් තේරෙනවා.. ඒත් ඒ කාලේ නියම BMI අගයක් තිබ්බ නිරෝගී ගෑණු ළමයෙක් මම. මට ඒ කාලේ එහෙම ගොඩක්ම විහිලු කලේ පිරිමි ළමයි.. මට දැන් තමයි තේරෙන්නේ ඒ කාලේ මං මහත නෑ එයාලා පුංචියි කියලා. කොහොම හරි මාත් දැන් අවුරුදු එක හමාරකට විතර කලිනුත් හිතුවේ මං මාර කැත කෙනෙක් කියලා. කොටින්ම යාලුවෝ photo ගන්නකොට ඒකට pose කරන්නවත් උනන්දු නොවුන කෙනෙක් මම.

ඒත් දවසක් fb දාපු photo එකක් නිසා මට ටිකෙන් ටික තේරුම් ගියා මං හිතන තරම් කැත කෙනෙක් නෙවෙයි කියලා. පස්සේ මං උදේ ඉදන් රෑ වෙනකම්ම මාව දැක්කේ හරිම ලස්සන ගෑණු ළමයෙක් විදියට.

ඉතින් ඉස්කෝලේ මාත් එක්ක හිටපු අක්කලා නංගිලා යාලුවෝ මගෙන් අහනවා කොහොමද ඔයා ඔහොම වෙනස් උනේ කියලා.. ඇත්තටම මං මට ආදරේ කරන්න පටන් ගත්තා. එතකොට මං පුදුම විදියට බැබලෙන්න ගත්තා.. තව කෙනෙක් මගේ දේවල් accept කරන කල් ඉන්නේ නැතුව මං මගේ හැමදෙයක් ම accept කරන්න ගත්තා. එතකොට මං වටා මට ආදරේ කරන විශාල පිරිසක් ගොඩ නැගෙන්න පටන් ගත්තා.

ඉතින් මං මගේ හැම සහෝදරියකටම කියන්නේ ඔයා මහත ද.. කෙට්ටු වෙන්න උත්සාහ කලත් බැරි ද.. එහෙනම් ඔයාගේ ආදරණීය මහතට ආදරේ කරන්න ගන්න.. ඔයා ගොඩක් කෙට්ටු ද.. මහත් වෙන්නම බැරිද.. එහෙනම් ඒ ලස්සන කෙට්ටුවට ඔයා ආදරේ කරන්න ගන්න.. එතකොට ඔයාගේ කෙට්ටුවට ආදරේ කරන විශාල පිරිසක් ඔයා වටේ ගොඩ නැගෙයි. හැබැයි ඒ ගමනෙදි මහතට ආදරේ කරන කෙනෙක් “ඊයා ඔයා ටිකක් මහත් වෙන්නකො” කිව්වට ගනන් ගන්න එපා. ඒකයි self love කියන්නේ..

මගේ නහය අනිත් අයට වඩා ටිකක් කැතයි.. හැබැයි මං මගේ නහයට ආදරෙයි.. අඬනකොට මං දැක්ක ලස්සන ම නහය තියෙන්නේ මට..  ඉස්සර මට crush එකක් හිටියා. ඒ යකා මගේ නහය ජම්බු වගේ.. කැවුමක් වගේ කියලා මට දේවල් කිව්වා. මං මගේ නහයේ කැත හොයන එක පැත්තක තියලා මං මගේ crush එකව අයින් කරලා දැම්මා. 

ඒකට තමයි self love කියන්නේ..

තමන්ගේ හැමදේටම ආදරේ කරන්න පුරුදු වෙන්න.. එතකොට නොදැනීම ඒ ගති වලට ආදරේ කරන පිරිසක් ඔයා වටේ ගොඩ නැගේවි.

හැම ගෑණු ළමයෙක් ම ගොඩක් ලස්සනයි. හැමෝටම ආවේණික ලස්සනක් තියෙනවා. අදටත් මං කැතයි කියන පිරිසක් ඉන්නවා. හැබැයි ලස්සනයි කියන පිරිස ඊට වඩා දෙගුණයක් ඉන්නවා.

තමන් තමන්ට ආදරේ කරන්න ගත්තම විශ්වාස කරන්න හරි අමුතුම තාලෙකට ඔයාව බැබලෙන්න පටන් ගන්නවා

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………

ලියන්නේ ♡ හිමායා කරුණානායක ♡

#radiokalutara #යුnique #semi #සේමි #himayakarunanayaka #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….

……………………………………………………

පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://unique.radiokalutara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here