2020/11/30🦋

I’m a disco dancer..Dj …I’m a disco dancer..චිකන් බර්ගර් with 7up..අම්මෝ කාලා කාලා බඩ උස්සගන්න බෑ..ඒ අස්සේ 7up බීලා උගුරට එනෝ😅පෙරේතකමට කෑවා බිව්වා නම් විදවපන් නිතුවෝ..දුනී නම් වූ පෙම්බරිය.. හා කියපු ප්‍රීතිය නිමිත්තෙන් ගොන් තරිදු මහතා විසින් අප හට ලබාදුන් භෝජන සංග්‍රහය සන්තෝසයෙන් භුක්ති වින්දා අද😂පව් අෆ්ෆා ඌ සතේටම හිදෙන්න ඇති අද නම්..මාස ගාණකට හරියන්න කාගත්තා..ඔක්කොමත් හරි..අර වේටර් හිපාටුවා යකෝ ..සෝස් බෝතලේ ඉල්ලුවාම… ඌ..නම්බරේත් ඒකේ අලවලා දෙනවා…කුකුළා..I love You කියලා වත් හරියට ලියා ගන්න බෑ..I lovi yu ලූ🤦ලොවි තමයි උට දෙන්න ඕනි..ඊළග දවසේ ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගෙන එන්න කිව්වාම මූණ ඇද වුණා..කරන්න දෙයක් නෑ..Love subject නම්..එපා..එපාමයි😑

2020/12/01🐷

පාන්දර 12.10🌜️

අලුත් මාසයක්..අලුත් දවසක්..අලුත් බලාපොරොත්තුවක්..අද ඉදන් හැදෙනවා..අද හොද දවසක්…පාඩම් කරනවා..නියමයි ..සුපිරි මොරාල් එකෙන් ඉන්නේ මං..පේරෙ මෙඩි අනිවා යනවාම තමයි..ඕ යස්..ඊයේ chemistryසර් දුන්නා සුපිරි කතා ටිකක්..ඒ විදියට බලමු වැඩ කරලා..ගැම්මෙන් ඉන්න නිතූ ගැම්මෙන්💪

හදමු අපි ප්ලෑනක්..සුපිරි ප්ලෑනක්..පැය 24යි..නිදාගන්න පැය කීයක් දානවද? සර් නම් කිව්වේ පැය පහක් නිදාගත්තම ඇති කියලා…අනේ දෙවියනේ හීනයක් බලන්න වත් ඒ වෙලාව හොදටම මදි..අනික මනෝවෛද්‍යවරුත් කියලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලා..කමක් නෑ හැමෝවම ආරක්ෂා කරන් පැය 6ක් නිදාගමු.කමක් නෑ..

හරි ඉතුරු එතකොට පැය 18යි..නාන්නයි..කන්න බොන්නයි..Dance පාරක් දාන්නයි අයින් කරමු 3h නියමයි..නියමයි..නිතුවෝ ..පැය 15ක් තියෙනවා දෙයියෝ..මොනවද කරන්න බැරි..එක subject එකකට පැය 5 ගාණේ දැම්මා..හරි..එහෙනම් දැන්..නිදාගෙන6.30ට ඇහැරෙමු..

—————————–

රෑ 10.30🌜️

අද මහ නරක දවසක්..Plan එකම අවුල් ගියා..අනේ දෙයියනේ …ආත භූත නෑයෝ සෙට් එකක් කඩන් පාත් උනානේ..අම්මා මාව සාලේ තනිකරලා දාලා තේකක් හදන්න කුස්සියට ගියාම …උසාවියට ගියා වගේ..ඒ තරම් අසරණ වෙන ප්‍රශ්න ඇහුවේ..වැඩ කරනවාද..

මෙඩිසින්ම යන්නෝනිද..කොමස්,ආට් කරා නම් හරිනේ…ලොකුකමට ඉතින් අපේ අක්කත් ඔයාව බයෝ කරන්න දැම්මට..O/L වලදි විද්‍යාවට තිබ්බෙත් B එකක් නේද?..ඒ වගේ නෙවෙයි..ක්ලාස් පීස් උනත් හෙන ලොකු ගාණක් යනවා..හරියට ඉගෙන ගන්න..හිතනවද දැන් medicine යන්න පුළුවන් කියලා..ඔය 4n එහෙම පැත්තකට දාන්න..ලොකු rank දාන්න දගලන්න ඕනි නෑ..යන්තම් හරි කැම්පස් එකකට යා ගන්න බලන්න..බ්ලා…බ්ලා….බ්ලා..

උදේ ඉදන් හවස් වෙනකම් ඉදලා උදෙටත් කාලා දවල්ටත් කාලා හවස තේත් බීලා ගියාම..වැඩ කරන්නේ කොහෙද..කාමරේට වෙලා වැඩක් කරන්න ගත්තත්..ඒකටත් හොට දාලා එබිලා බලලා..මුළු කාමරේම අස්සක් මුල්ලක් නෑර පොලිසීයෙන් වගේ check කරන්න ගනිද්දී මගේ වැඩක් කරගන්න පුළුවන් ද?අපෝ නෑයෝ තමා..Island rank එකක්ම දාන්න පුළුවන්කම තිබ්බා මගේ plan එකට වැඩ කරන්න තිබ්බා නම්…

උංගියා ඇවිල්ලා කාමරේම වනසලා..කොණ්ඩ කටු ටිකත් කඩලා දාලා..අනේ මගේ ආසම සමනල කට්ට…දුනියා දුන්නේ ගිය අවුරුද්දේ මගේ b’day එකට..ඒකත් කඩලා දැම්මා..Physics ගණන් හදපු පොතත් ඉරලා..මං එපැයි ඕවා ආපහු හදන්න…මගේ මල්ලි උනා නම් කොස්සෙන් පාරක් දීලා දනවා..අපෝ පොඩි උන් නම් එපාවෙනෝ..අවුරුදු දෙකක් තුනක් වෙනකම් නම් හොදයි.ඊටපස්සෙ නම් මහා පණ්ඩිතයි..මලවදකාරයෝ…උංගියාව චුට්ටයි කෙනිත්තුවේ..මු ඒකත් පුංචිට ගිහින් කිව්වානේ..අඩපු හැටි..යකෝ මුගේ ඇගේ මස් ඔක්කොම මං ගලවගත්තා වගේ..අම්මගෙන් ටොක්කකුත් කෑවා..අනේ අහිම්සක නිර්දෝශී මටම ඇයි මෙහෙම වෙන්නේ..😭

2020/12/04🏵️

ගෑනු ළමයෙක් නේද..බලන්නකෝ අනිත් ළමයි..Biology වල ගිරව් වගේ පාඩම් කරන්නනේ තියෙන්නේ..ඇයි නංගි ඔයාට බැරි..බලන්න..අඩුම ලකුණු තියෙන්නේ ඔයාට …ලකුණු 35ක් කියලා කටක් ඇරලා කියන්නේ කොහොමද..බලන්න මට ලකුණු 80ක්ම තියෙනවා..මගේ යාළුවෙක් නේද..මටත් ලැජ්ජයි..Bio මිස් මගෙනුත් ඇහුවා…නංගිට නොදන්න දෙයක් කියලා දීලා උදව්වක් වත් කරන්නේ නැද්ද කියලා..

අපෝ අද දවසේ.. අයිසැක් නිව්ටන්ගේ මල්ලිගේ පුතාගේ දුවගේ දූ වගේ ඉන්න  තිළිණි අක්කගේ උපදෙස් අහන් ඉන්න උනා..අක්කා අක්කා කිව්වට මගේම අක්කා නෙවෙයි අපේ ගෙවල් ළග අක්කා කෙනෙක්..මගේම සහෝදරියක් වගේ තමා..මට වඩා අවුරුද්දයි වැඩිමල්..කොයිවෙලෙත් කච කච ගගා බණින එකමයි කරන්නේ..එයා ඉතින් කොයිවෙලෙත් පාඩම් කරන්න කියලා කිව්වට මට තියෙන දහසකුත් වැඩ රාජකාරි එක්ක ඕවා කොහොම කරන්නද😌..අනික biology..😑ඔක්කොමත් හරි..Animalia වගු ටික..සිලෙන්ටරේටා..අර රේටා..මේ රේටා..ලක්ෂණයි..වර්ගයි..මොන විකාරද දෙයියනේ..Bio කරන්න ගත්තාට මේවා දැක්කම තමා තනි ඇහැට ඇඩෙන්නේ…

ටිකක් හරි පාඩම් කරන් යන්න වෙනෝ..ප්‍රශ්න අහලා බැරි වුණොත් ..අපෝ ගෙදර ඇවිල්ලා අම්මට කියනවා කිව්වා ලකුණු දුන්නා කියලා..බොහොම අමාරුවෙන් report කාඩ් එක ලට්ට ලොට්ට දාන මගේ dustbin එකේ පතුලටම දාලා හංග ගත්තේ…අම්මා දැක්කොත් නම් විනාසයි..

Chemistry 79
Physics 50
Biology 35

ඉස්සර හැම විෂයකටම 80ගණන් 90ගණන් ගත්තු අපිට වෙච්චි දෙයක්😭


……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
ලියන්නේ චමු විහංගා
……………………………………………………
පසුගිය කොටස :
https://unique.radiokalutara.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-diary%e0%b6%ba-1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83/

#radiokalutara #යුnique #කෙල්ලෙක්ගේDiaryය #chamuvihanga #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක…

FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්…
https://www.facebook.com/radiozonekalutara/

YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්…
https://www.youtube.com/radiokalutaralk/community

අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්…
https://unique.radiokalutara.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here