හරිම මහන්සියි අෆ්ෆා..අද මගේ 18th b’day එක..පාටියක් නොදුන්නොත් මගේ බෙස්ටො ටික මගේ ඔළුව ගලවන නිසා කට්ටිය එක්ක සින්දු කියලා dance කරලා චුට්ටක් enjoy කළා..අහ් මං කවුද කියන්න බැරි වුණානේ…ඉතිං මගේ අලුත් diary යාළුවේ..මං නිතුකි..නිතුකි සෙහන්සා සූරියබණ්ඩාර..යාළුවෝ ආදරේට කියන්නේ නිතූ කියලා..short & sweet😁..diary ලියලා කිසිම පුරුද්දක් නෑ මට..මගේ හොදම යාළුවා දුනී තමයි මට දුන්නේ..ජීවිතේ ඕනි දුකක් සතුටක් කියන්න ..හිත සැහැල්ලු කරගන්න..හොදම යාළුවා විදියට ඔයාව තියාගන්න කියලා…ම්ම්..බලමුකෝ අලුත් ideawak..ඉතින්…hi my new best friend..nice to meet you…

🌻2020/11/27

සැක්..අද දවස නම් හරිම මස්තබාල්දුයි..bus halt එකේ දෙනෝදාහක් මිනිස්සු  ඉස්සරහ අච්චර අත දාලත් අර කොළඹ bus කට්ට නැවැත්තුවේ නෑ නේ..ඇයි යකූ සීදේවි වගේ ඉන්න මාව නග්ග ගත්තා නම් මක් වෙනවද..කොහෙද ඉතින් ඉස්සරහට හම්බුණේ cctv කුමාරි ඇන්ටිනේ…අහන්නත් දෙයක්ද මෙහෙම වෙන එක..කළුතර – මතුගම කොට කොට යන private bus කට්ටක නැගලා මතුගම town එකෙන් බහිද්දී 7.35යි.අද නම් කොටා තාප්පෙන් පනින්න ඕනි..පන්සිල් කියලා ඉවර වෙන්නත් ළගයි..බෑග්ගේ දැම්මා තාප්පෙන් අනිත් පැත්තට…කළු ගලට අඩිය තිබ්බා..මං පැන්නා..පැන්නා කියන්නේ …පැන්නම තමයි..අපොයි දෙයියනේ කුකුර්බිටා නේද 😢ඉස්කෝලේ පිට්ටනියේ යෝධ කුණු කාණුව ළග තියෙන ඔක්කොම තණකොල ගලවලා..😐අර බොරළු ගොඩේ දණ ගස්සවලා ගවුම කොටයි කියලා..වාටියත් ලිහලා දාලා..ඇයි අෆ්ෆා දිගට දිගේ පොළොවේ ගෑවෙන්න ඇදන් එන්න ඕනිද..මොන විකාරයක්ද.. කොණ්ඩේ අගිස්සට ගොතලා නෑ කියලා..බලු නැට්ටක් වගේ තීන අහිම්සක කොණ්ඩේ අගිස්සටම ගොතලා තමයි  මාව එයා අතෑරියේ..සාංසාරික වෛරක්කාරයෝද මන්දා..අර ගොන් මදාවියෝ සෙට් එකත් හිනා උනා..ඉන්නවකෝ..ඒවට return එක මං දෙන්නම්කෝ..කොස් කොළ හිවල් මොටයෝ..😡මොනවා උනත් කුජීත දවසක්..😭

🌸2020/11/29

අද තමයි දවස…😂අවුරුදු ගාණක් තිස්සේ පස්සෙන් ආපු අහිංසක තරිදු කොලුවාට අද මගේ දුනී බබී කැමැත්ත දුන්නා..😁අම්මෝ බලන්නෙපැයි ලැජ්ජාව.අච්චර පස්සෙන් ඇවිල්ලත්..මේකී කැමැත්ත දුන්නේ නෑ නේ..තරිදුවගෙන් කඩාවඩා ගත්තු chunkey choc වලට ඔන්න මං ණය නෑ..හෝහපුටෙක් වගේ ඉන්න ඌට රූප සුන්දරියක්ව සෙට් වුණේ කවුරු නිසාද..oo.yes darling..මේ Princess Nithuu නිසා..ඉල්ලගන්න ඕනි පාටියකුත් ඩබලගෙන්..කෝමද දුනී කිව්වේ..අනේ නිතූ,එයා ගැන නම් කියන්නෙපා..මං ආස නෑ..බලන්නකෝ ඇඹලයෙක් වගේ පස්සෙන් එන හැටි..මං යාළු වෙන්නේ නෑ කීයටවත් කියලා..😂😂අන්තිමේදී කොහොමහරි හා කිව්වනේ..බොරුවට ලොකුකම් දාලා..ගණන් උස්සලා කැමති වුණා..ඒකත් ඇත්ත..අහපු ගමන් හා කියන්න නරකයි..රෙස්පැක්ට් එකේ ඉන්න ඕනි..😎නැත්නම් අගේ නැති වෙනෝ..ඒත් ඉතින් මට ඔය subject සෙට් වෙන්නේ නෑ..තනිකඩ ජීවිතේ full ආතල්💪..ආදරේ කියන්නේ..❤අනේමන්දා ඒක නම්..අම්මා, අප්පච්චිගේ ආදරේ ඇරෙන්න වෙන කවුරුත් ගැන මට හිතිලා නෑ..ඒත් දුනීත් ඇහුවා දවසක්..Specially කා ගැනවත් හිතෙන්නේ නැද්ද කියලා..ඇත්තමයි..එහෙම..එකක් නම් දැනිලම නෑ….බලමුකෝ ඉස්සරහට…

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
ලියන්නේ චමු විහංගා

#radiokalutara #යුnique #කෙල්ලෙක්ගේDiaryය #dilninirmalee #rkmfsrilanka
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://unique.radiokalutara.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here