Home Articles ඇනගන්න කලින් දැනගන්න ඇනගන්න කලින් දැනගන්න – 1 කොටස

ඇනගන්න කලින් දැනගන්න – 1 කොටස

157
1

“ආදරය”

කොතන කොහොම ලියැවිලා තිබුනාත් ඒක දැක්ක ගමන් ඔයාටත් ආදරණීය හැගීමක්, එහෙමත් නැත්නම්

පුoචී සතුටකීන් මුළු හිතම හිරිවැටුනා නේද?🤔

එනම් ඔයාත් අනිවාර්‍යෙන්ම ආදරය කරපු කෙනෙක්, තව විදීහකින් කියනවා නම් ආදරය කරන කෙනෙක්, ඒක තමයි ඇත්ත.

ආදරය නොදැනෙන කෙනෙක්ගේ හිත හිරිවැටෙන්න වීදිහක් නැහැනේ😁😌

අපේ හදවත් වලට ආදරය කියන හැගීම මොදූ වෙන්නේ ඉබේටමයි……

කොයි මොහොතේ මොන වාගේ ආදරය ඇතිවෙයිද කියලා අපි කවුරුවත් හරියට දන්නේ නැහැ

හැබැයි ඔය අතරේ ආදරය මුලු ජීවිතේම කරගෙන ජීවිත වල තියෙන හැම බලාපොරොත්තුවක්ම නැති කරන් ආදරය මත්තේ විතරක්ම නහින,

ආදරය නිසාමයි ජීවත් වෙන්නේ කියන හැගීමෙන්ම ආදර කරන කෙල්ලෝ කොල්ලෝ නම් එමටයි.

අද මන් කතා කරන්නේ අන්න එයාලටයි.

අද සමාජේ නම් වයස් වල සීමාවක් නැතුව ආදරය කියන හැගීමේ පැටලීලා එහෙට මෙහෙට පැද්දෙන පුoචී කෙල්ලො කොල්ලො නම් ඕන තරම්,

සමාජේ කියන්නේ නම් එහෙම වයසක් දැක්කාම ,

“ඕකුන්ගේ  මෝඩකමලු,පොළොවේ පය ගහලා ඉන්න බැරි කමලු එහෙමත් නැත්නම් දෙමව්පියෝ හදලා තියෙන හැටිලු”

දැක්කාද?

සමාජය උනත් පිළිගත්තේ යථාර්ත්‍ය නෙවෙයි. ඇත්තටම ඒ අයට පෙනෙන දේ ආදරය කරන්න හොදම වයස (18) න් පස්සේ ලු. එකත් ඒ එහෙමටම කියන්න බැහැ. ඒ ඉස්සර දැන්නම් කියන්නේ ආදරය කරන්න කලින්

Campus පලයන් කියලා. ඒ කියන්නේ ආදරය කරන්න හොදම Campus කාලේද?

“කව්ද අෆ්ෆා එහෙම කියන්නේ. ආදරය නවත්තන්න පුලුවන්ද ඔය කියන කාටවත්”

ඔව් ඒක ඇත්ත ඒ කියන කාටවත් ආදරය නවත්තන්න බැහැ. හැබැයි ඒ කතා වල ඇති වැරැද්දක් නැහැ.

ආදරය කරන්න සීමාවල් නැහැ .

“එනම් මොකක්ද කියන්නේ”

නියම point එක හිතුවා වාගේම හරි ලේසියෙන් ඒ තැනට ඔයාව එක්කගෙන ආවා මන් ,

ආදරය කරන්න සීමාවන් නැහැ, හැබැයි පුoචී හිත් වලට  අසීමාන්තික සීමාවන් තියෙනවා.

ආදරය දැනුනත් හිත් වලට පුලුවන් ඒක පාලනය කරගන්න. වයස මොකක් උනත්

විශේශයෙන් කෙල්ලෙක් කියන්නේම අසීමාන්තික සීමාවක්.

මොකද?

කොල්ලොන්ට නම් මොකද, මොන මගුලක් නැටුවත් උන්ට නම් කොහේන් හරි ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන්.

උන්ට ගරාජ් එහෙක වැඩ කරාත් මාසේට 30000,40000 හොයන්න පුලුවන්.

කෙල්ලන්ට පුලුවන්ද ගරාජ් වල වැඩ කරන්න “බැරි නැහැ” හැබැයි දැන් සමාජේට ගැලපෙන්නේ නැහැ ඒක.

දැන් තේරුනාද, අපි කොච්චර කොහොම උනත් අපි හැඩගැහෙන්න ඕනේ මේ සමාජේට ඕන වීදිහට.

හැබැයි වැඩ කරන්න ඕනේ ඔයාගේ විදීහට .

ඔයා වුනත් ජීවිතේ හිනිපෙත්තටම යනකම් හැම තත්පරේකම වැඩ කරන්න ඕනේ.

ආදරය කියන “#බම්බුව” තියන්න පැත්තකීන්.

ඔයාගේම ජීවිතේ දීහා හැරීලා බලන්න වෙනස්ම විදිහට .

ඔව් ජීවිතේ සාර්ථක කරගන්න ඕන කියන උණ බෝ කරගනින්.

බෝ උනොත් හරී .

ඔයාට කවදාවත් නොනැවතී වැඩ කරන්න හිතෙන තරමටම මහන්සි වෙන්න.

ජීවිතේ සාර්ථක වෙන්න වයස් බේදයක් නැහැ.

එත් සාර්ථකත්වය හොයන් යන ඔයාගේ ගමනේ දී, ඔයාට ආදරය කරන්න වයසක් තියෙනවා කිව්වොත් මo නිවැරදී😌☘️.

එකෙක් මත්තේ නැහීගෙන love කරනවාට වඩා,

ජීවිතේ සාර්ථකත්වය හොයන් යන ගමනේ විදින්න වෙන අත්දැකීම්, Love කරාට ගන්න බැහැ .

දියුණු වෙන්න ඕන කියන හැගීම ඔයාගේ හිතට තදීන්ම දැනුනා නම්, මේ මොහොතේ ඔයාට හිතෙයි ,

ඊළග තත්පරේ මන් මෙන්න මේ දේ කරනවා කියලා☘️

සාර්ථකත්වය කියන්නේ වෛරස් උණක් නෙවෙයි.

සාර්ථකත්වය කියන්නේම නිදන්ගත රෝගයක්.

ඔව් ලෙසීයෙන් කිසිම කෙනෙක්ට හැදෙන්නේ නැති

හැදුනොත් හොද කරන්න බැරි මහා දරුණු ලෙඩක්😌☘️.

අයේම කියන්නම් මන්,

ආදරය කියන “බම්බුව ” තියන්න පැත්තකීන්,

ඔයාගේ ජීවිතේ දීහා බලන්න වෙන කවුරුත් නොදකින වෙනස්ම පැතිකඩකින් .

ඔයාට ජීවිතේ දින්නන නම්, මුලු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා.

ආදරය නෙවෙයි ජීවිතේ කියන්න.

එහෙම හිතන් ඉන්න කෙල්ලො කොල්ලොන්ට මේක ගොඩාක් වටීවී.

එකම විදිහේ උන් අතරේ ඔයා වෙන්න වෙනස්ම කෙනෙක් .

ජය💪

……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
ලියන්නේ නිශී හෙට්ටීආරච්චී✍️
……………………………………………………

#radiokalutara #යුnique # ඇනගන්නකලින්දැනගන්න #nishihettiarachchi #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක…

FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්…
https://www.facebook.com/radiozonekalutara/

YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්…
https://www.youtube.com/radiokalutaralk/community

අපේ WEB එකෙන් කියවනවානම්, බලනවානම්…
https://unique.radiokalutara.lk/

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here