රෝහලට ගෙන තරුණයා ආරෝහ පරිණාහ පරිණාහ දේහයකින් යුත් තරුණයෙකි.පෙනුමෙන් නම් මැර පෙනුමක් නොවන අතර සැබැවින්ම ඔහු කවුරුන්ද..

සිතේ ඇති වන කුහුලත් සමගින් ඔහු කවුරුන්දැයි සොයා ගැනීමේ නොනිමි ආශාව ඇගේ සිත පුරා දිව යන්නට විය..

“ම්ම්ම්ම් බලමුකෝ මොකක්ද මේ කොලේ තියෙන්නෙ කියලා “ඇය තනිව ම මුමුනන්නට විය.

“Arslock@gmail.com මේක නම් විද්‍යුත් තැපෑලක්

එතකොට මේ මොකක් ද

සමහර විට  පාස්වර්ඩ් එක වෙන්න ඇති බලමු “

YEK(4,2,6,33,666,888,33,777)

මේක නම් හිතා ගන්න බැහැ.සමහර විට මොකක් හරි රහස් භාෂාවක් වෙන්න ඇති.හැබැයි මෙයා එක්කෝ පොලිසියේ කෙනෙක්  එහෙම නැත්නම් මොකක් හරි මාෆියාවක කෙනෙක්.

දැන් මොකද කරන්නේදැයි ඇයට සොයා ගැනීමට තිබූ එකම මාර්ගයක් ද මෙලෙස අවහිර වී යාම නිසා  ඇගේ සිත කනස්සල්ලට පත් විය.ප්‍රයත්නයක් නොදරා ම තම ගැටලුව අතහරින්නට ඇයට සිදුවූයේ සිතේ ඇතිවූ නොනිමි කුහුලට ප්‍රශ්නාර්ථයක් එක්කරමිනි.

සයනය මත වැතිරී සිටියදීම යළිත් ඇය නින්දට වැටුණා ය.

යළිත් ඇස විවර වන විට වේලාව සවස හය පසුවී මිනිත්තු තුනක් ගත වී තිබුණි.

අම්මේ…. හයත් වෙලාද තව පොඩ්ඩක් නිදා ගන්න තිබුනා නම් හොඳයි.කමක් නෑ තේ එකක් බීලම ඉන්නවා යැයි සිතමින් ඇය කුස්සිය දෙසට පිය මැන්නාය….

“දිල් වාලෙ චූනේ දියා…..හෝ ඕ දිල් වාලෙ චූනේ දියා..

මගෙ වත්තෙ මගන්… මගෙ වත්තෙ මගන්

හෝ  දිල් වාලෙ චූනේ දියා…..”

“මේ මොකද කුමාරයො මේ…..”

තම පියා ගේ පරණ ඔෆිස් ඇඳුම් ඇඟලාගත් කුමාර හින්දි සින්දු දෙකක් වැරදියට පද අමුණමින් ගේ වටේ කැරකෙන දුටු මධූට ඉබේම සිනහ පහළ විය..

“ඇයි මොකද වෙන්නේ මම සිංදුවක් කිව්වම තමයි පුංචි නෝනා හිනා වෙන්නෙ..අර මිහිරියා කියද්දී නම් ලස්සනයි අරකයි මේකයි කිය කියා අහන් ඉන්න පුලුවන්.මට තමයි කොචොක් කොරන්න එන්නෙ…හොඳම නෑ පුංචි නෝනා හොඳම නෑ තරහයි මං…”

“ඉතිං කුං කුමාරයෝ… වැරදියට නේ කිව්වේ ඔයා’

“මේ බලන්නකෝ ලොකු මහත්තයා “

“මොකද කුමාර බෙරිහන් දෙන්නේ “

“ආයෙත් කුං කුමාර ලු “

“නිකා ඉන්න චූටි දූ ඔය අහිංසකයව අල්ල ගන්නෙ  “

“කුං කුමාරයෝ එනවද යන්න පාරට”

“ඕන්නෑ ඕන් නෑ මං යනවා ‍යන්න මෙහෙන්”

“එහෙමද යනවකෝ එහෙනම්.මං හැදුවේ පාරට එක්කන් ගිහින් ෆිල්ම් එකක් අරන් දෙන්න.”

“කොයි පිචර් එකක් ද “

“කොයි පිචර් නෙවෙයි මැට්ටෝ හින්දි එකක් “

“හා මං එන්නං”

“බෑ බෑ දැන්  බෑ ඉතින්.කියපු වෙලාවෙ ආවෙ නෑනෙ….”

“හා හා චූටි දූ මේ ඇවිස්සුවා නම් ගිහින් අරන් දෙන්න ..”

එවර කුමාර ගේ සහයට ඉදිරිපත් වූයේ චූලනී ය

“තේ එකක් බීල යමු  කුමාරයෝ”…ටොක් එසේ කියමින් කුමාරගේ හිසට තට්ටුවකුත් දමා ගෙන ඇය මුළුතැන් ගේ වෙත දිව ගියාය ..

“බලන්න ඉතින් විජේ පේනවා නේද මෙයාගේ දැඟලිල්ල…බන්දලා දෙන්න කාලෙත් හරි දැන්”

“ඔන්න ඔහේ කෙල්ල ටිකක් ඉඳපු දෙන් චූලා තාම පොඩි දරුව නෙව”

“අපොයි හොඳ පොඩි තව ඩිංගෙන් මගේ ඔළුවත් පලනවා”

එවර අර කතාවට මැද්දෙන් පැන්නේ කුමාර ය.

ඔහුගේ කතාවට නම් දෙදෙනාටම සිනහ පහළ විය.

“කුමාර මේ සීයත් ගනින්කෝ මේකෙනුත් ෆිල්ම් එකක් අරන් බලපන්කෝ.”

“ලොකු මහත්තයට අමා මහ නිවන් සම්පත්තියම ලැබෙන්න ඕන..”

දොහොත් මුදුනේ තියා  විකාරරූපී රංගනයක යෙදෙමින් කුමාර ස්තූතිය පළ කළේ යළි යළිත් චූලනි සහ විජේසුන්දර සිනහවේ ගිල්වමිනි..

“පිස්සුද මන්දා මේ යකා ට නැද්ද චූලා “

“අනේ මන්දා හරිම කෝලමක් තමයි ඉතින් “

කුමාර සහ මධුෂානි දෙදෙනා පයින් ම කිලෝමීටරයක් පමණ දුර ගෙවා වෙළඳ සැල වෙතට පැමිණියහ…

“පුංචි නෝන අරක හොඳයි ද “

“මොකද්ද කුමාර “

“අමර  ඛාන් ඉන්න එක “

“අමර ඛාන් නෙමෙයි මෝඩයො අමීර් ඛාන් “

“හරි හරි මොකක් හරි ඉතින් ගන්නද කියන්නකෝ “

“හා හා ගන්නව ගන්නවා”

කුමාරට කලබලයෙන් මධුෂානි පිළිතුරු දුන්නේ

පැය කාලක පමණ සිට තමා දෙසට ඇස ගසාගෙන සිටි පාරෙන් එහා පස නවත්වා තිබූ මෝටර් රිය දෙස බලමිනි .

යන්නෙත් නැතුව කැරකෙනවා. හිතට පොඩි සැකයක් ආවත් දැන් මේක කියලා කුමාරව බය කරන්න බැහැ කෝකටත් තව ටිකක් බලමු

“කුමාර ගත්ත නං යමුද අපි එහෙනම්”

“යමු පුංචි නෝනා “

ඔවුන් දෙදෙනා නිවසට යන විටත් ඔවුන් පසුපස තරමක් තුළින් රිය පැමිණෙනවා මධුෂානි  ඉතා තීක්ෂණ ලෙස බලා සිටියාය…

තමන් බලන බව ඔවුන්ට නො හැඟෙන පරිදි ඇය මාර්ගයේ නවතා තිබූ වාහන වල පැති කන්නාඩි වලින් පසු පස එන වාහනය ඉතා තියුණු ලෙස නිරීක්ෂණය කළාය…

ඔවුන්ගේ පෙනුම අනුව ඔවුන් හොඳ පුද්ගලයන් නොවන බව වටහා ගැනීමට ඇයට මිනිත්තුවක් වත් ගත වූයේ නැත.

වහ වහා නිවස තුළට පිවිසි මදුෂානි  විගසින් තම කාමරයට ඇතුළු වූවාය.

මේ මොකද මේ…ජනේලය අයිනේ පොත් රාක්කයේ අසුරා තිබූ සියළු පොත් තැන තැන බිම පුරා විසිරී තිබුණ..

“අම්මා කවුද මගේ කාමරේට ආවේ “

“කවුරු එන්න ද චුටි දූ”

“මෙහෙ බලන්න අම්මා සේරම ඇදලා දාලානෙ..

ඒ මදිවට පොත් බිම.”

“හරි හරි දැන් පුතා ඕක අස් කරගන්නකෝ .මං බලන්නම් මොකද උනේ කියලා.”

ඇයව සන්සුන් කරවූ  චූලනි මුළුතැන්ගේ  වෙත පිවිසියාය.

තම මේසය මෙසේ අවුල් කර තිබීමත් පාරේ තමන් පසුපස ආ මොටෝරියත අතර අනිවාර්යෙන්ම සම්බන්ධයක් තිබිය යුතු බව මධූ  උපකල්පනය කළා ය.

කවුරු හරි අනිවාර්යෙන්ම කාමරේ එලිය ඉඳන් හරි මේසය ඇදලා තියෙනවා..ම්ම්ම්ම්  මොනවද හොයන්න ඇත්තේ

ඒත් කාටවත් ඇයි මගේ මේසය අදින්න ඕනේ..ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද???

අනේ මන්දා ඔළුවත් විකාරයි මොනවා වෙනවද කියල හිතාගන්න බෑ..

ඇය තනිවම කල්පනාවේ නිමග්න වූවාය…

සමහරවිට අර accident වෙච්ච කෙනා ගේ විස්තර හරි වටින දෙයක් හරි මං ගාව තියෙනවා කියලා මෙයාල හිතාගෙන ඉන්නවද දන්නෑ..ඒත්  එහෙම වටින දේකට තියෙන්නේ මොනවද…ආහ් මතක් උනා අර කොළ කෑල්ල වෙන්න ඇති සමහර විට….

මයිගෝඞ් එක බලන්නත් බැරි උනානේ…වැඩක් නෑනේ  ඒක මට විසඳ ගන්න බැරි උනා නේ..අපරාදේ

පැය කිහිපයකට පසු..

“චූටි දූ එන්න කන්න..”

“මේ එනවා අම්මා…”

මෙයා කවුද කියලා හොයාගන්න විදියක් ඇත්තේම නැද්ද..ඇය තමාගෙන්ම ප්‍රශ්න කළා ය .

ඉක්මනින් ආහාර ගැනීමෙන් පසු යළිත් නින්දට වැටි ඇය පිබිදුනේ උදෑසන හයත් පසුවීය…

නිදා ගන්නට තවත් අවැසි වූ නමුත් රාජකාරියට යාම අත්‍යවශ්‍ය බැවින් මධූ වහා නාන කාමරයට පිවිසියාය..

“ගුඩ් මෝනිං පියදාස …”

“ගුඩ් මෝනිං මදුෂානි  නෝනා”

“ආහ් මේ කමලුත් ඉන්නෙ ගුඩ් මෝනිං කමල්”

“ගුඩ් මෝනින් දොස්තර නෝනා”

“මං යනවා අර පැත්තට එහෙනම් හොදේ.. බායී’

“අචලා මොනවද අලුත් විස්තර”

“විශේෂ මොකුත් නම් නෑ ඩොක්ටර් අර ඇක්සිඩන්ට් වෙලා ගෙන ගෙන පේශන්ට නම් සිහිය ආවා.”

“අහ්… ඒක හොඳ ආරංචියක් නෙ.”

“එච්චරම හොදක් නෑ ඩොක්ටර්..සිහිය ආවට කතා කරන්න බෑ එයාට”

“ඒකත් එහෙමද….හොදයි කමක් නෑ අපි බලමුකෝ…”

“ගුඩ් මෝනින් ඩොක්ටර්..මම එස්.අයි. සූරියබණ්ඩාර ෆ්‍රොම් C.I.D”

“Good morning Sir how can i help you???”

“අර ඇක්සිඩන්ට් වෙලා ගෙනල්ලා ඉන්න පේශන්ට් ගේ විස්තර අපිට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද”

“Extremely වෙරි සොරි සොරි මිස්ටර් සූරියබණ්ඩාර..මේ වෙලාවේ නම් අමාරුයි හැබැයි හෙට උදේ වගේ ආවොත් අපිට මොනවම හරි දෙයක් ඔබතුමාට දෙන්න පුළුවන් වෙයි”

“ඕකේ ඩොක්ටර් අපි හෙට එන්නම්.තෑන්ක්ස් අ ලොට්”

“වෙල්කම් එනි ටයිම් මිස්ටර් සූරියබණ්ඩාර “

පැය කිහිපයක් ගත වූයේ නොදැනීම වාගේය…

“අම්මා මං ආවා….කොහොමද.දෝණි අද වැඩ ගොඩක් තිබුණද..”

“ඔව් අම්මා ගොඩක් වැඩ තිබුනා..මම වොශ් එකක් දාගෙන එන්නම්….”

“හලෝ කුං කුමාර කෝමද..”

“යන්න පුන්චි නෝනා මටමයි කෝචොක් කරන්නේ..දවසක මං මේ ගෙදරින් ගියාම තේරෙයි මගේ අගේ..හුම්..”

“යයි කියල තමා බය…හූ”

‘ආසයි පවසන්න…ආයෙත් ලං වී ඉන්න…’

“දෝනි මේ ෆෝන් එක රින් වෙනවා”

“ගන්නම් අම්මා..”

“හෙලෝ ඔව් ඩොක්ටර් තමයි කියන්න”

“මොනවා…ඒක වෙන්න බැරි දෙයක් නෙ..මෙච්චර දෙයක් වෙනකන් ඔයාලා මොනවද කරේ..”

……………………………………………………
ඇයට ආ දුරකතන ඇමතුම කුමක් වන්නට ඇතිද…????
……………………………………………………
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
කථාව : දිනුෂ ගිත්සර
……………………………………………………
පසුගිය කොටස :  https://unique.radiokalutara.lk/%e0%b6%86%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%9a-1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83/

#radiokalutara #යුnique  #aganthukasihine #dinushagithsara  #rkmfsrilanka
ඔයාලත් මෙම කතාව SHARE කරන්න, LIKE කරන්න, COMMENT කරන්න….

……………………………………………………

පහත ආකාරවලින් දැන් යුnique  ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්…  👇 👇

https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්…  👇 👇

https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB  එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
http://unique.radiokalutara.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here