Home Novels ආගන්තුක සිහිනේ ආගන්තුක සිහිනේ – 1 කොටස

ආගන්තුක සිහිනේ – 1 කොටස

279
1

“පියදාස මාමා මොකද්ද පියදාස මාම මේ වැඩේ තේරුම.කොයි වෙලේ දැක්කත් සිගරට් එකක් කටේ ගහගත්තු ගමන්.වෙන වැඩක් ඇත්තෙම නැද්ද කරන්න.” මධුෂානි ගේ හඩින් තිගැස්සුනු පියදාස වහා සිය සිගරට්ටුව බිම දමා පයින් පාගා පැත්තකට තල්ලු කළේය.

සුවිශාල රෝහල් භූමිය තුළ සිටින නානාවිධ මිනිසුන් අතර දේවතාවියක් බඳු මෙම කාන්තාවට වරදක් කර හසු වීම තරම් පශ්චාත්තාපයක් පියදාසට තවත් නොවුණි.කළ වරද වසා ගැනීමට මගක් නොතිබුණු  නිසාදෝ පියදාස  හිස කසමින් පසෙකට විය.

“ඔයාලට නම් කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ. ඔයාලට කියන කට හොඳයි බිම උලා ගන්නවා.කැන්සර් එකක් හැදිච්ච  දවසක තේරෙයි මේ කියන දේවල් වල වටිනාකම.මම යනවා ” අමනාපය මුසු තරවටු බැල්මක් හෙළමින්  ඇය ඉවත්ව ගියාය. පසෙක හිඳිමින් මේ සියල්ල බලා සිටි කමල් කෙමෙන් පියදාස වෙත ළඟාවිය.

“මාර සීන් එක නේද පියදාස අයියා”

“ඒ මොකෝ උඹ එහෙම අහන්නේ”

“අර නෝනා උඹට හොඳටම දෙහි කපල ගියානේ  ඒකයි මං ඇහැව්වේ.දුරින් හරි නෑ කෙනෙක් වෙන්ට ඇති.”

“දුරින් නෙමේ බං හුඟක් ලඟින් නෑයෝ.”

“ඒ කිව්වේ”

“මේවයේ ඉන්නේ මනුස්සයො නෙමේ බං අමනුස්සයෝ. ඒ වගේ මිනිස්සු අතරෙ දෙවියෙක් වගේ මනුස්සයෙක් බං ඒ.”

“උඹ කියන දෙයක් තමයි ඉතින්  මම අලුතෙන් ආව එකා නේ.”

“උඹට පහු වෙද්දි තේරෙයි බං.කන්න නෑ කිව්වොත් බඩේ තියෙන දේ හරි අත දාලා අරන් දෙන ජාතියේ මනුස්සයෙක් .”

“ඇයි පියදාස අයියා  එහෙම කියන්නේ”

“උඹට පුදුම ඇති නේද “

“ඔව් ඒකයි මං ආයෙ ආයෙත් ඇහුවේ.මොකද මං මෙහෙට ඇවිල්ලා දවස් දෙකයි ඒ දවස් දෙකට මාත් එක්ක මේ ඉන්න හැමෝටම බැනපු එක තමා පියදාස අයියා කරේ.ඒ අතරේ පියදාස අයියගෙන් බැනුමක් අහපු නැති කෙනෙක්ට හිටියේ මේ නෝන විතරයිනේ ඒ නිසා මට ඇත්තටම පුදුමයි .”

“ඒක එහෙම තමයි කමලෝ.රස්සාවක් නැතුව කන්න අඳින්න නැතුව ගෙදර  ගෑණිත් එක්ක රණ්ඩු සරුවල් කර කර ඉදෙද්දි  මාව මනුස්සයෙක් කරලා මගේ දරුවන්ට ඉස්කෝලේ යන්න උදවු කරල මගේ ගෑනිත් එක්ක හොඳින් මං හොඳින් එන්නේ මේ මනුස්සයා නිසා බං”

“පෙනුම නම් සීදේවි තමයි පියදාස අයියා”

“හිතක් නෑ එහෙම තමයි බං. යමංකො කහට උගුරක් බීලා වැඩ ටික පටන් ගන්න.”

පානදුර මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව මුර කරන පියදාසගේ අලුත් සගයා කමල්ට පියදාස සැබැවින්ම සොයුරෙකු සේ විය.

දවසේ වැඩ කටයුතු හමාර වී මධුෂානි සිය මොටෝ රියේ නැගී පිටව ගියේ ගේට්ටුවේ සිටි පියදාස අත පාර්සලයක් ද තබමිනි.

“පියදාස අයියට සරුයි වගේ “

“මට නෙමේ බං පොඩි කෙල්ලට “

“තේරුන්නෑ”

“කෙල්ල කොටහලු වෙලා සති දෙකයි අදට.නෝනා කියලා තිබ්බේ පඩි ගන්නකම් ඉන්න අරුංගල් ජෝඩුවක් අරන් දෙන්නම් කියලා.”

“උඹ  උදේ කිව්ව දේ ඇත්ත කියල මට දැන් තේරෙනවා පියදාස අයියේ”

“හ්ම්ම්ම්ම්….ඒක ඇත්ත මලයෝ”

ඉහලට ඇදගත් ගැඹුරු සුසුම කෙමෙන් නිදහස් කරමින් පියදාස බලා සිටියේ මදුෂානිගේ සුදු පැහැ කොරොල්ලා රිය මහමග දිවෙන රිය පෙළහරට එක්වන ආකාරයයි.

ආසයි පවසන්න..ආයෙත් ලං වී ඉන්න..ඒ මියගිය ප්‍රේමයට පණ දෙන්න..සත්තයි මතු භවය…

අඩ නින්දේ සිටි මධුෂානිගේ නින්ද හමාර කරන්නට සිදු වූයේ රෝහලෙන් ආ ඇමතුමක් නිසාවෙනි..

” හෙල්ල්ලෝ….කියන්න්න…”

“doctor මධුෂානි මම නර්ස් සුභා කතා කරන්නේ.”

“ආ ඔව් සුභා කියන්න.හදිසියක් ද”

“ඔව් doctor.පේශන්ට් කෙනෙක් ඉන්නවා හදිසි අනතුරක් වෙලා ගෙනාපු .සර්ජරි එකක් කරන්න වෙයි කියලා doctor ශිවලිංගම් තමයි doctor ට ඉන්ෆෝම් කරන්න කිව්වේ “

” ඕකේ සුභා අයි විල් කම් විතින් හාල්ෆ් ඇන් අවර්.”

දුරකථනය ඇඳේ  පසෙකට විසිකර දැමූ  මධුෂානි වහා දිව ගියේ බාත්රූමය වෙතයි..මිනිත්තු කිහිපයකට පසු ගේට්ටුව විවර වන හඬත්  ගරාජයේ සිට මොටෝ රිය වේගයෙන් පාරට දමන ආකාරයත් අසා සිටි චූලනී ගේ සිතට දියණිය කෙරෙහි ඇති වූයේ මහත් අනුකම්පාවකි.

“පව් මේ දරුවා.ඇගේ මහන්සියට ඇහැ ඩිංගිත්තක් පිය වෙන්න් ඉඩක් නැහැනෙ දෙයියනේ ” චූලනී තමාටම කියා ගත්තාය.

මිනිත්තු තිහක් ගත වන විට මධුෂානි රෝහලට ළඟා වී තිබුණි.

“ආ මදුෂානි එන්න එන්න .අපි සර්ජරි එක පටන් ගමු”
වෛද්‍ය ශිවලිංගම් මහතා මදුෂානිගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටි බවක් පෙනෙන්නට තිබුණි.

පැය කිහිපයක ඉතා අසීරු ශල්‍ය  කර්මයන් කිහිපයකට පසු වෛද්‍යවරුන් දෙදෙනා ප්‍රමුඛ හෙද කාර්ය මණ්ඩලය ද මණ්ඩලයද සැනසුම් සුසුම් හෙළන්නට විය.

“doctor මොකද හිතන්නේ මේ ගැන”.

මධුෂානි ගේ පැනය යොමු වූයේ ශිවලිංගම් මහතා දෙසටයි

“පොලිසිය නම් කියන්නේ මේක අනතුරක් කියලයි.හැබැයි මට මෙතන ඊට වඩා දෙයක් පේනවා”

“doctor අදහස් කරන්නේ “

“ඔව් මධු,මේ රෝගියා දිහා හොඳට බැලුවම තේරෙනවා මිනීමැරුම් ප්‍රයත්නයක් දරලා තියෙනවා කියලා”

“ඒත් doctor අපිට අනුමාන කරන්න පුළුවන් උනාට වුණාට හරියටම කියන්න බැහැ නේද”

“මගේ අවුරුදු 25 ක වෛද්‍ය ජීවිතයේ මං විවිධ  අනතුරු වෙච්ච පුද්ගලයන්  දැකලා තියෙනවා.ඒ අත්දැකීමෙන් කියන්නෙ මං  මේ පුද්ගලයාට අනිවාර්යෙන්ම පහරදීමක් වෙලා තියෙනවා.”

“ඩොක්ටර් මට පැහැදිලි මදි “

“එන්නකෝ පෙන්නන්න”

“මේ බලන්න මධු මේ  මනුස්සයාගේ අත් දෙක දිහා.මේ අත් දෙක ගැට අත් දෙක ගැට ගහලා තිබිලා තියෙනවා මේ තද රතු පාටින් පේන්නේ ඒ පටිවල සලකුණු “

“ඒ වගේ ම මේ මනුස්සයාගේ ඇගේ පෙනුම දැක්කම තේරෙනවා දවස් ගානක් වද දීලා තියෙනවා හරි හමන් කෑමක් බීමක් වත් නැතුව “

“තව මොකුත් එහෙම තියනවද ඩොක්ටර් “

“ඔව්  මේ බලන්න මෙයාගේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලේ නියපොත්ත අමු අමුවේම ගලවලා තියෙනවා.තාමත් ලේ එනවා ඒකෙන්”

“මේ දේවල් පොලිසියෙන් දකින්නේ නැද්ද doctor “

“ගොඩක් වෙලාවට දැක්කත් සුළු දේවල් කියලා හිතලා නොසලකා හරිනවා ඇති. එයාලට ඕන ඉක්මනට කේස් එක වහලා දාන්නනේ”

” හ්ම්ම්…ඒක නං ඇත්ත තමයි ඩොක්ටර්”

“මධූ යන්න ඔයාටත් අමාරුයි නේ ඊයෙ රෑට නින්දකුත් නෑනේ ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න “

“හොඳයි ඩොක්ටර් මං යන්නම් “

පව් කියපු ඉක්මනට ආවා.කෙල්ලට දුකයි මේ වගේ දෙයක් උනාම.කොරිඩෝරය දිගේ ඉවත් ව යන සුරූපී තරුණිය දෙස බලමින් වියපත් වෛද්‍යවරයා තමාටම මුමුණා ගත්තේය.

සුවබර නින්ද අවශ්‍යතාවය හඟවමින් දෙනෙත් රිදුම් දෙද්දී අමාරුවෙන් වගේ රිය පණ ගන්වා ගත් තරුණ වෛද්‍යවරිය සිය නිවස කරා රිය ධාවනය කරන්නට විය.

“චූටි දූ ඊයේ නින්දක් නෑ නේද හරියට.අනේ මන්දා දරුවෝ ඔයා ගැන හිතද්දී මටත් දුකයි.”

ගෙට ගොඩ වෙද්දිම චූලනී ගේ දෝෂ දර්ශනයට ලක් වන්නට ඇයට සිදුවිය.

“අයියෝ අම්මා.මොනාද අම්ම මේ.මේ අහන්නකො මං මේ වෘත්තිය කරන්නේ ගොඩක් හිතේ සන්තෝසෙකින්.ඒ නිසා මේ කිසිම දෙයක් මට කරදරයක් නෙමෙයි.මම මගේ ජීවිතය විඳින්නේ මේ රස්සාවෙන් අම්මා.”

සිය මවගේ ගෙලෙහි එල්ලී ඇයව සන්සුන් කළ මධූ වහ වහා සිය කාමරයට වෙත පැන ගත්තාය..

පසෙක හිඳිමින් සියල්ල බලා සිටී සිටි විජේසුන්දර මහතා කට පැත්තකට ඇද කරමින් සිනාසෙමු දුටු චූලනීට ඉවසුම් නැති විය.

“ඔයා තමයි නරක් කරල තියෙන්නෙ මේ දරුවව මට ඕන විදියට හදා ගන්න දුන්නෙත් නෑ තාත්ත වගේමයි හරිම මුරණ්ඩුයි.”

“අනේ අනේ චූලා.ඒක ඒ දරුවාගේ ආසාවනේ එයා ඒ දේ කරපු දෙන්”. විජේසුන්දර මහතා යළිත් හිනැහෙමින් පවසන්නට විය.

හොඳ වැඩේ අම්මට.දෙමාපියන්ගේ දෙබස අසා සිටි හොඳ තමාටම කියා ගත්තාය.
තම පියා කවදත් තමාට ලැබී බව ඇය හොඳටම දැන සිටි නිසා නරකක් නොවන කිසිවක් කිරීමට ඇය මැළි වූයේ නැත.

පෙරදින රාත්‍රියේ නින්දක් නොවූ නිසාදෝ ගතට වැටෙනා සීතල විය දිය බිඳු වල පහසින් ගත නිවනා නිමේෂයේ නිදි දෙව් දුව ඇය කරා විගසින් ළඟා විය.

දෙහෝරාවකට පසු කලබලයෙන් අවදි වූ ඇය විගසින් මොටෝරිය වෙත දුව ගියේ සාලයෙහි අතුගාමින් සිටි කුමාරද බිම පෙරලා දමමිනි.

දඩ බඩස් ජරාස්…අයියෝ අම්බෝ ලොකු නෝනා..

අවසානයේ මේසය මත තිබූ තෙදිනකට වඩා ආයුෂ නොවූ අලුත්ම මල් පෝච්චිය කුමාරගේ හිස මත තොප්පියක් සේ පෙනෙන්නට තිබුනි.

“මහ දවාලේ මොන යකෙක් වැහිලද මන්ද පුංචි නෝනට.තව ඩිංගිත්තෙන් කොඳු ඇට පේළියක් මට ගෙන්නන්න වෙනවා”

පුපුරු ගසන පශ්චාත් භාගය එක් අතකින් අත ගාමින් නැගී සිටි කුමාර බෙරිහන් දෙන්නට ඔහු නිසා චූ ලනී සහ විජේසුන්රද විගසින් පැමිණියේ සිදුවූයේ සිදු වූයේ කුමක් දැයි දැක ගැනීමටය.

කුමාරි ගේ ශරීරයේ ගැටීම නිසා පසෙකට විසි වී ගිය මධූ යළිත් වේගයෙන් දුවගොස් කාරයේ දොර හැරීමේදී ඊට හසු වී අතද තුවාල විය.සිදු වූ තුවාලය පවා නොසලකමින් රිය දොර හැර කඩදාසි කොළයක් පමණක් රැගෙන යළිදු කාමරයට යන මධූ දුටු චූලනී සහ විජේසුන්දර මුහුණට මුහුණ බලා ගත්තේ ය.

“මොකක්ද විජේ මෙයාට මේ හැදිලා තියෙන පිස්සුව.”

“අනේ මන්දා චූලා පුදුම හදිස්සියක්නේ තිබ්බේ.
ඇරත් නිකම්ම කොළ කෑල්ලක් ගන්න මෙච්චර හදිසියක් “

“ඒකනෙ විජේ එච්චර වටිනා කොල කෑල්ල මොකක්ද “

“එයාගේ වැඩ එයාම බලා ගන්නේ නැතෑ..ඒක නෙමේ ඔයා ගිහින් හදන්නකෝ මට එහෙනම් හොඳ කිරි කෝපි එකක්.”

කාමරයට වැදී දොර වසා ගත් මධූ පරිගණකය ක්‍රියාත්මක කරමින් සිතුවිලි ගංගාවක කිමිදෙන්නට විය.

ඇත්තටම කවුද මේ පුද්ගලයා.පෙනුමෙන් නම් හොඳ කෙනෙක් වගේ.හොඳයි මම හොයා ගන්නම්කෝ මේකෙන්.

ඔහු කවුරුන් දැයි ඇය සොයාගනිවිද ?
මිළඟ කොටස ඉක්මණින්ම….
……………………………………………………
කථාව : දිනුෂ ගිත්සර

#radiokalutara #යුnique  #aganthukasihine #dinushagithsara
……………………………………………………
පහත ආකාරවලින් දැන් යුnique ඩිජිටල් සඟරාව අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැක… 👇 👇

👉🏽 FACEBOOK එකෙන් කියවනවානම්, බලනවානම්…  👇 👇
https://www.facebook.com/radiozonekalutara/

👉🏽 YOUTUBE එකෙන් කියවනවානම්, බලනවානම්…  👇 👇
https://www.youtube.com/radiokalutaralk/community

👉🏽 අපේ WEB  එකෙන් කියවනවානම්, බලනවානම්… 👇 👇
https://unique.radiokalutara.lk/

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here